අඛණ්ඩව එකොළොස් වන වරටත් ජනතා ප්‍රසාදය මහජන බැංකුවට

    March, 17, 2017

    ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නිල්සන් ආයතනය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එක්ව වාර්ෂිකව පවත්වන ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකු සේවා සපයන්නා ලෙස සම්මානයන් නොකඩවා එකොළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය.

    බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී මහජන බැංකුවේ මහජන බැංකුවේ අලෙවි ප්‍රධානී දීපාල් අබේසේකර මහතා විසින් වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමයට හිමි සම්මානය ලබාගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි (කි්‍රයාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය, ප්‍රධානී (භාණ්ඩාගාර සහ අයෝජන බැංකු) ක්ලයිව් ෆොන්සේකා මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරීනී (අලෙවිකරණ හා මහජන කටයුතු) යුගානි මෙන්ඩිස් මහත්මියද මෙහි වෙති.

    මහජන බැංකුව රුපියල් ටි්‍රලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනයයි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය. දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay සේවාව සම`ග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,125 කි. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. ඔබේ ඉතුරුම් සඳහා රාජ්‍ය බැංකුවක් සතු පූර්ණ ආරක්ෂාව ද හිමිවේ. මේ පිළිබ`දව වැඩිදුර තොරතුරු www.peoplesbank.lk යන වෙබ් අඩවියෙන් හෝ @peoplesbanksrilanka යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැක.

    එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර, මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණයට ප්‍රමුඛත්වය සපයයි. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හ`දුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංකී්‍රය ටෙලර් යන්ත්‍ර මුදල් තැන්පතු සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර වල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වි`දිය හැක.

    එමෙන්ම තිරසාර සමාජ වගකීම් කෙරෙහි කැපවූ ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළ`ගාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse”නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද ක්‍රියාවට නංවයි. මෙසේ ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, මහජනයාගේ බැංකුව ලෙස ඉදිරි ම`ගට පිවිසීම මහජන බැංකුවේ අරමුණයි.