අඛණ්ඩව සත්වෙනි දිනටත් කොළඹ කොටස් ඉහළට

    April, 5, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද (05) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,198.32 ක් ලෙසින් සටහන් විය. මෙය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 51.63 ක් හෙවත් 0.84% ක ඉහළ යාමකි.

    පසුගිය මාර්තු 27 වනදායින් පසු අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය සත්වෙනි දිනය ලෙසින් අද දිනය වාර්තා වේ. මේ අනුව අඛණ්ඩ දින හතක් තුළ ඒකක 5,974.9 සිට අද දින දක්වා ඒකක 223.4 කින් හෙවත් සියයට 3.73 කින් කොටස් වෙළෙඳපොළ වර්ධනය වී තිබේ.

    අද දින පිරිවැටුම රුපියල් මිලියන 640.74 ක් ලෙසින් සටහන් වූ අතර මෙයින් රුපියල් මිලියන 446.6 ක් දේශීය මිල දී ගැනීම් සහ රුපියල් මිලියන 214.99 ක් විදේශීය මිල දී ගැනීම් වශයෙන් සටහන් විය. මේ අතර දේශීය විකිණුම් රුපියල් මිලයන 446.61 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 194.13 ක් ලෙසින් වාර්තා වී තිබේ.