April, 24, 2025
එළඹෙන සිංහල දෙමළ අලූත් අවුරුදු උත්සව සමයේදී ප‍්‍රීතිය, සතුට සහ බෙදා හදාගැනීම ඇතුළු අමතක නොවන අවස්ථාවන් රැසක් සමඟින් සැමරීමට සියලූ ශ‍්‍රී ලාංකිකයන් සූදානමින් සිටියි. කෙසේ වෙතත්, NDB ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් උත්සව සමය වෙනුවෙන්ම ලබාදෙන ප‍්‍රතිලාභ සහ දීමනා හිමිකර දීමෙන් ඔබ්බට ගොස් සිය ගනුදෙනුකරුවන් සඳහා වසර පුරාම ඔවුන්ගේ හිත නිදහසින් වගේම, අසමසම පහසුව සහ මූල්‍ය නම්‍යශීලීභාවය ලබා දෙයි. සෑම අවස්ථාවක් සඳහාම ඔබේ පරිපූර්ණ සහකරු ලෙස NDB ක්‍රෙඩිට් කාඞ්පත් වල ඇති සුවිශේෂීතාවයන් පිළිබඳව දැනුවත් වන්න.
මේ අවුරුදු සමයේදී NDB ක්‍රෙඩිට් කාඞ්පත්, ඔබට ගැළපෙනම මූල්‍ය සහකරුවා වන්නේ ඇයි?
NDB බැංකුවේ අපි, අලූත් අවුරුදු උත්සවය හුදෙක් සැමරුම් උත්සවයක් පමණක් ලෙස නොව, එකමුතුකමේ, නව ආරම්භයන් සහ ආදරණීයන් සමඟ සතුටින් ගතකරන සම්ප‍්‍රදායන් ගෙන් පිරි කාල සමයක් ලෙස සලකන්නෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට කිසිඳු බාධාවකින් තොරව මෙම උත්සව සමය ගත කිරීම උදෙසාම NDB ක්‍රෙඩිට් කාඞ්පත් ඔබේ මුදල් පසුම්බියේ වාසිදායකම අංගය ලෙස නිර්මාණය කර ඇත. NDB ක්‍රෙඩිට් කාඞ්පත් සමඟින් දැරිය හැකි මිල ගනන් යටතේ, වියදම් කිරීමේ නම්‍යශීලීභාවය ලබා දෙයි.
දිවයින පුරා වෙළඳ ආයතන 400 කට අධික සංඛ්‍යාවක 70% ක් දක්වා දීමනා සමඟින්, ගනුදෙනුකරුවන්ට සාප්පු සවාරි යාමට, අවන්හල් සහ භෝජනාගාර, සංචාර කටයුතු සහ තවත් අසමසම මූල්‍ය පහසුකම් රාශියක් සඳහන් කළ හැක. මෙම වට්ටම් පමණක් නොව NDB ක්‍රෙඩිට් කාඞ්පත් සමඟින් මාස 36 ක් දක්වා නම්‍යශීලී වාරික සැලසුම් ලබා දෙන අතර, කාඞ්පත් හිමියන්ට විශ්වාසයකින් යුතුව මෙම උත්සව සමයේ සතුටින් භුක්ති විඳිමින් ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු වඩාත් ප‍්‍රතිලාභදායක ලෙස කළමනාකරණය කිරීමට ඉඩ සලසයි.
NDB ක්‍රෙඩිට් කාඞ්පත් වසර පුරාවටම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වන්නේ කුමක් නිසාද?
NDB ක්‍රෙඩිට් කාඞ්පත්, උත්සව සමයන්හී සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහන් වලින් ඔබ්බට ගොස් වසරේ සෑම දිනකම මනසට විඩාවකින් තොර අසමසම මූල්‍ය ආරක්ෂාවත් ලබා දෙයි. සාප්පු සවාරි, අවන්හල් සහ භෝජනාගාර සේවාවන්, සංචාර හෝ වෙනත් ගනුදෙනු ඇත. ඕනෑම අවශ්‍යතාවයක් සමඟින්, අපගේ කාඞ්පත් හිමියන් හට පහත සඳහන් සුවිශේෂ වරප‍්‍රසාද රැසක් භුක්ති විඳීමට හැකියාව ඇත.
කාඞ්පත් හිමියන් සඳහා ලබා ගත හැකි නම්‍යශීලී ගෙවීම් සැලසුම් මොනවාද?
NDB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 36ක් දක්වා පොලී රහිත වාරික සැලසුම් පිරිනමා තිබේ. එමඟින් ගනුදෙනුකරුවන්ට තම වියදම් කාර්යක්ෂමව සැලසුම් කර ගැනීමටත්, මේ උත්සව සමයේ සතුට භුක්ති විඳීමටත් ඉඩ සලසයි.
NDB ක්‍රෙඩිට් කාඞ්පත්වල වඩාත්ම ආකර්ශණීීය අංගයක් වන්නේ ඕනෑම තැනක ඕනෑම මිලදී ගැනීමක් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම 0% පොලියකට මාස 25ක් දක්වා වාරික සැලැස්මක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි. මෙයින් අදහස් කරන්නේ ඔබ විලාසිතා, ඉලෙක්ට්‍රොනික උපකරණ, නිවාස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සාප්පු සවාරි, රෝහල් බිල්පත් ආදී ගනුදෙනු අමතර ගාස්තු නොමැතිව අදාල මුදල මාසික වාරික වලින් බෙදා ආපසු ගෙවීමේ පහසුව හිමි වීමයි.
කාඞ්පත් හිමියන්ට එදිනෙදා වියදම් සඳහා හිමිවන සුවිශේෂී ප‍්‍රතිලාභ මොනවාද?
සෑම සතියකම ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්වල 30% ක් දක්වා ඉතිරිකිරීම් සමඟින්, NDB ක්‍රෙඩිට් කාඞ්පත් ඔබේ මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කිරීමට උපකාරී වේ. එය සිල්ලර බඩු, නැවුම් නිෂ්පාදන හෝ නිවසට අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ආදිය වෙනුවෙන්, ඔබට සැලකිය යුතු වට්ටම් භුක්ති විඳිය හැකි අතර ඔබේ මාසික වියදම් පාලනය කර ගැනීමට සහය වෙයි.
මෙයට අමතරව, සිග්නේචර් සහ ඉන්ෆිනිට් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා අමතර ගාස්තු රහිතව ඉන්ධන සඳහා වැය කරනු ලබන මුදල් ද කළමණාකරනය කළ හැකිය.
NDB ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් පිරිනමනු ලබන අවන්හල් සහ භෝජනාගාර සඳහා සකසා ඇති ප‍්‍රතිලාභ මොනවාද?
NDB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සඳහා තෝරාගත් අවන්හල්වල නොමිලේ ආහාර ලබාගත හැකි දීමනා මෙන්ම ප‍්‍රමුඛ පෙළේ හෝටල්වල භෝජනාගාර සඳහා 30% දක්වා වට්ටම් හිමිකර දී ඇත.
NDB ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් සංචාරක කටයුතු සඳහා ප‍්‍රතිලාභ හිමිවන්නේ කෙසේද?
නිතර සංචාරයන්හි යෙදෙන අය වෙනුවෙන්, NDB ක්‍රෙඩිට් කාඞ්පත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හෝටල්වල 60% දක්වා ඉතිරිකිරීම්, නොමිලේ සංචාරක රක්ෂණ සහ ගුවන් තොටුපළ විවේකාගාර සඳහා ප‍්‍රවේශය සමඟ අසමසම වටිනාකමක් ලබා දෙයි.
පාරිභෝගිකයින්ට මේ අගනා දීමනා පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට හැකිවන්නේ කෙසේද?
අපගේ සුවිශේෂ දීමනා පිළිබඳ වැඩිවිස්තර දැන ගැනීමට https://www.ndbbank.com/cards වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112 448 888 යන දුරකතන අංකයට කතා කිරීමෙන් ලබාගත හැක. ඊට අමතරව NDB ක්‍රෙඩිට් කාඞ්පතක් සඳහා අයදුම් කිරීමට මෙම වෙබ් අඩවිය හරහා ඔබට හැකියාව ඇත. මේ උත්සව සමයේ NDB ක්‍රෙඩිට් කාඞ්පත් සමඟින් මනසට විඩාවක් නැතුව ස්වයිප් කරන්න.
Video Story