අර්ථසාධකේ ආයෝජන ආදායම 15% කින් වැඩිවෙද්දී ලාභාංශ ආදායම 30% කින් අඩුවෙලා

    May, 3, 2018

    සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආයෝජන ආදායම 2017 වසරේ දී රුපියල් බිලියන 222.6 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී සියයට 15.4 ක වැඩිවීමකි. ආයෝජන ආදායමින් සියයට 84.6 ක්වූ පොලී ආදායම, අඛණ්ඩව අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස පවත්වාගෙන යාමට හැකිවූ අතර, එය 2016 වසරේ උපයන ලද රුපියල් බිලියන 165.5 ට සාපේක්ෂව 2017 වසරේ දී රුපියල් බිලියන 188.3 ක් දක්වා සියයට 13.8 කින් වර්ධනය විය.

    කල්පිරෙන තෙක් තබාගෙන ඇති මූල්‍ය සුරැකුම්පත් මක ක්‍රමක්ෂය ලාභ 2016 වසරේ උපයන ලද රුපියල් බිලියන 28.2 ට සාපෙක්ෂව 2017 වසරේ දී රුපියල් බිලියන 31.3 දක්වා සියයට 11.0 කින් වර්ධනය විය. එසේ වුවද, 2017 වසරේ ලාභාංශ ආදායම රුපියල් බිලියන 3.0 ක්වූ අතර, එය 2016 වසරේ දී වූ රුපියල් බිලියන 4.3 ට සාපේක්ෂව සියයට 30.2 ක පහත වැටීමකි.

    2017 වසරේ දී ලාභ හෝ අලාභ තුළින් වෙලෙඳපොළ පවතින අගයට ඇති මූල්‍ය වත්කම්වලින් ලත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.5 ක්වූ අතර එය 2016 වසරේ ලත් ශුද්ධ අලාභය වූ රුපියල් බිලියන 0.8 ට සාපේක්ෂව සියයට 287.5 ක වර්ධනයකි. 2017 වසරේ හඳුනාගත් කොටස් ආයෝජනය මත හානිකරණ අලාභය රුපියල් බිලියන 1.5 ක්වූ අතර එය සියයට 71.2 ක අඩුවීමකි.

    2017 මහ බැංකු වාර්ෂික වාර්තවෛහි මේ බව සඳහන් වේ.