February, 4, 2025
ශ්‍රී ලංකාව තුළ වාහන ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීමත් සමගම වාහන ආනයන සඳහා ඇති අපේක්ෂිත ඉල්ලුමට සහාය වීම සදහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෙන්වා දෙන්නේ දේශීය වාහන වෙළඳපොලෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති මෙම අවස්ථාවේදී, තමන් සතු අති නවීන යටිතල පහසුකම් සහ ප්‍රවීණ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව, මෙම ඉල්ලුමට පිළිතුරු දීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට ඔවුන් සූදානම් බවයි.
වරාය තුළ නිර්මාණය කර ඇති නවතම වාහන අංගනය විශේෂයෙන් වාහන ආනයන නියමිත ලෙස කළමනාකරණය කිරීමට සකස් කර තිබේ. වාහන 4,000 ක් ගබඩා කිරීමේ හාකියාව මෙම අංගනය සතුව පවතියි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ දැඩි ආරක්ෂිත පද්ධතියක් නිර්මාණය කර ඇති අතර වාහන අංගනය තුළට ගමන් කළ හැක්කේ අවසරලත් සීමිත පුද්ගලයන් පිරිසකට පමණි. ජැටි සහ තාවකාලික ගබඩා කලාප ඇතුළු සමස්ත වරාය මුළුමනින්ම ආරක්ෂිත ගේට්ටුවලින් වටවී ඇති අතර, 24/7 සීසීටීවී අධීක්ෂණය මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කරයි.
2018 වසරේ සිට මහාපරිමාණයෙන් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ඇති හැකියාව පෙන්වා දීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමත් වී ඇති අතර ඉහළ යමින් පවතින වාහන ආනයන ඉල්ලුම කළමනාකරණය කිරීමට HIP සතු හැකියාව වැඩි දියුණු කරන අමෙරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකම් ඇති පූර්ණාංග යාන්ත්‍රණ සංවර්ධනයට මෙම ආයෝජනය තවත් ශක්තියක් ලබා දේ.