April, 22, 2025
මධ්‍යකාලීන රාමුවක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%කට වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි.
තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ආර්ථික ස්ථායීතාවක් ළඟා කර ගැනීම සඳහා ආයෝජන හිතකර ප්‍රතිපත්ති සම්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ අපනයන විවිධාංගීකරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
කෙසේ වුවද, පසුගිය දශක කිහිපය තුළ පෞද්ගලික ආයෝජන පහළ මට්ටමක පැවතී ඇති බැවින් සහ රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%-5%ක් පමණ වන බැවින් අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, කාර්යක්ෂමතාව සහ ජාතික ආර්ථික අරමුණු කෙරෙහි යොමුගතවීම තහවුරු කර ගනිමින් ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සාකච්ඡා අධීක්ෂණය හා ඒ සඳහා පහසුකම් සැලසීම පිණිස ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story