ඇන්ටනොව් යානයෙන් මත්තලට රුපියල් මිලියන 13 ක ආදායමක්

    April, 19, 2018

    ඊයේ (18) දිනයේ දී මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් An-225 යානයට සේවා සැපයීම තුළින් රුපියල් මිලියන 13 කට වැඩි විදේශ විනිමයක් ඉපයීමට අවස්ථාව ලැබුණු බව ගුවන්තොටුපළ බලධාරීන් පවසයි.

    ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සහ කාර්ය මණ්ඩලයට විවේක ගැනීම පිණිස මෙලෙස මෙම ඇන්ටනොව් An-225 ගුවන් යානය මත්තල ගුවන් පථයට ගොඩබස්වා තිබේ.

    මේ සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.