එලිෆන්ට් හවුස්, ජෝන් කීල්ස් පදනම හරහා හෝමාගම මුලික රෝහලට පුද්ගලික ආරක්ෂණ උපකරණ ප්‍රදානය කරයි

May, 22, 2020

මේ දිනවල පැතිරයන කොවිඩ් -19 වසංගතයට එරෙහිව පෙරමුණ ගෙන සේවය කරන හෝමාගම මූලික රෝහලේ සෞඛ්‍ය සේවා නිලධාරින් වෙනුවෙන් ඔවුන් වෛරස් වලට නිරාවරණය වීම අවම කිරීම සදහා උපයෝගී වන පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protection Equipment - PPEs) තොගයක් පරිත්‍යාග කිරීමට එලිෆන්ට් හවුස් පසුගියදා කටයුතු යෙදිය. මෙම ව්‍යාපෘතිය රනාල, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ආයතනික සමාජ සත්කාර වගකීම් වැඩසටහනේ තවත් කොටසක් වන අතර එය එලිෆන්ට් හවුස් සහ ජෝන් කීල්ස් පදනම අතර ප්‍රජාව සවිබල ගැන්වීම සදහා වන සහයෝගීතාවයක ප්‍රතිපලයකි.

ඒ අනුව, එම පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගය එලිෆන්ට් හවුස් සැපයුම් දාම ප්‍රධානී සංජීව ජයසුන්දර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය හෙට්ටියාරච්චි මහතා වෙත පිරිනමන ලදී. එම අවස්ථාවට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි පාරිභෝගික ආහාර අංශයේ මානව සම්පත් අංශ ප්‍රධානී නිසංසලා පරණයාපා සහ එලිෆන්ට් හවුස් පර්යේෂණ හා සංවර්ධන ප්‍රධානී උදය පද්මකුමාර යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ. මෙවැනි වැඩසටහන් රාශියක් මෙහෙයවන සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, මෙම ව්‍යාපෘතිය යටතේ හෝමාගම මූලික රෝහලට අවශ්‍ය පුද්ගලික ආරක්ෂණ උපකරණ තොග පරිත්‍යාග කිරීමට සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී  (එලිෆන්ට් හවුස් ) සමඟ අත්වැල් බැදගෙන තිබේ.

එලිෆන්ට් හවුස්,  කීල්ස් සුපර් වෙළඳසැල් ජාලය සහ ජෝන් කීල්ස් පදනම එක්ව මීට පෙරද  බස්නාහිර පළාතේ තෝරාගත් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් 10,500 කට අධික ප්‍රමාණයක් නොමිලේ බෙදා දුන් අතර ඒ මෙවැනි දුෂ්කර කාලවලදී ජනජීවිතය නගා සිටුවීම සදහා රජය දරන ප්‍රයත්නයට දක්වන සහයෝගයක් වශයෙනි.

ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයයි. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සහ ජේ කේ මාර්කටින් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගම් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් සමූහය, 2020 වර්ශයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දියුනුවෙහි හා සංවර්ධනයෙහි හවුල්කරුවෙකු ලෙස සිය අභිමානවත් 150 වන වසර සමරනු ලබයි. 14,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 14 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සාමාජිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර,  Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.