කුවේට්ය ශ්‍රී ලංකාවට දොර වසයි

July, 30, 2020

කැබිනට් තීන්දුවක් උපුටා දක්වමින් කුවේට් පුරවැසියන්ට සහ නේවාසිකයින්ට රට තුළට පැමිණීමට සහ ඉන් පිටතට යාමට අගෝස්තු 1 වනදා සිට අවස්ථාව ලබා දෙන බව කුවේට් රජයේ සන්නිවේදන මධ්‍යස්ථානය ට්වීටර් පණිඩුයක් හරහා කියා සිටී.

කෙසේ වෙතත් බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉරානය, නේපාලය යන රටවලින් පැමිණෙන වැසියන්/ නේවාසිකයින් රට තුළට පැමිණීම තවදුරටත් තහනම් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

කුවේටය අගෝස්තු මාසයේ සිට අර්ධ වශයෙන් වාණිජ ගුවන් ගමන් ආරම්භ කරන බව පසුගිය මාසයේ දී නිවේදනය කර සිටියේය.