කොටස් පිරිවැටුම බිලියන 5 ඉක්මවයි

    April, 19, 2017

    ඉහළම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද (19) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.43 ක ඉහළ යාමක් වාර්තා කළේය. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,446.80 ක්වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.01 ක ඉහළ යාමකි.

    අද දින වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් රුපියල් බිලියන 5 ඉක්මවූ පිරිවැටුමක් දෛනික ගනුදෙනුවලින් වාර්තා වී තිබීමයි. අද දින සමස්ත පිරිවැටුම රුපියල් 5,169,387,354.90 කි.

    මේ සඳහා ඉහළම දායකත්වය ලබා දුන්නේ කොමර්ෂල් බැංකුවේ ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු 5 කි. එහිදී රුපියල් 145.00 බැගින් කොමර්ෂල් බැංකු කොටස් 29,626,270 ක් ගනුදෙනු වී තිබූ අතර රුපියල් බිලියන 4.29 ක පිරිවැටුමක් එයින් වාර්තා වී තිබිණි.