කොටස් වෙළෙඳපොළේ් ඉතිහාසගත දිනයක්. සියලු කොටස් දහදහස ඉක්මවා යයි

October, 25, 2021

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය අද (25) දිනයේ දී ඒකක දහදහසේ සීමාව ඉක්මවා යන ලදී.

අද දිනයේ දී පූර්ව ගනුදෙනු දිනයට (22) සාපේක්ෂව ඒකක 131.58 ක් හෙවත් 1.33% කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,046.80 ක් ලෙසින් සටහන් වුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමට වැඩිම දායකත්වය ලබා දුන් සමාගම බවට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී පත්වූයේ දිනය තුළ රු. 15.75 කින් හෙවත් 7.54% කින් වැඩිවීමක් සමඟිනි. එක්ස්පෝලංකා අද දිනයේ අවසන් ගනුදෙනු මිල රු. 224.75 ක් ලෙසින් සටහන් විය.

මීට අමතරව කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, වැලිබල් වන්, රෝයල් සෙරමික්ස් ඇම්බියන් කැපිටල් පීඑල්සී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් වේ.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6.85 කි. මෙයින් රු. බිලියන 2.36 ක්ම එකස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනු හරහා වාර්තා වීම විශේෂත්වයකි. මීට අමතරව වැලිබල් වන් රු. මිලියන 410.24 ක් හා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. බිලියන 393.83 ක් ලෙසින් ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කළ සමාගම් කොටස් අතර විය.