කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

    February, 23, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (23) පස්වරු 1.28 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය.

    S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 307 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 147 කින් පහළ ගොස් තිබුණි.