කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් ස්වයංක‍්‍රීයව ගෙවීමේ අවස්ථාව

March, 5, 2020

කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ‘Auto Bill Pay’ පහසුකම සඳහා ලංකා විදුලි මණ්ඩලයද එකතු කර තිබීම නිසා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් හිමියන්ට තමන්ගේ මාසික විදුලිබිල ස්වයංක‍්‍රීයව ගෙවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් මෙම පහසුකම හඳුන්වා දුන්නේ ගනුදෙනුකරුවන්ගේ මැදිහත්වීමකින් තොරව ඔවුන්ගේ බිල්පත් කලට වේලාවට සෑම මාසයකම ගෙවමින්  පහසුව වැඩිකිරීම සඳහායි. මේ අනුව, බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙම පහසුකම සඳහා මේ වනවිට ලියාපදිංචි වියහැකි අතර ඒ සඳහා ඔවුන්ගේ විදුලි බිල්පතේ සඳහන් ගිණුම් අංකය සහ කොමර්ෂල් බැංකු කාඞ්පතේ තොරතුරු බැංකුවට ඉදිරිපත් කළ යුතුවේ. බැංකු ශාඛාවකට නොපැමිණ ඉතාමත් පහසුවෙන් මෙම ලියාපදිංචිය සිදුකිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙන අතර මෙම ස්වයංක‍්‍රීය ලියාපදිංචිය සිදුකරන්නේ කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය මගිනි. සාර්ථක ලියාපදිංචියකින් පසුව ගනුදෙනුකරුවාගේ කාඞ් පතින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඩුකරගත යුතු මාසික බිල්පත් වටිනාකම මණ්ඩලය ඉදිරිපත් කරයි. ඉන්පසුව කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවාගේ ගෙවීමට අදාළ රිසිට්පත ඊ-මේල් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ගනුදෙනුකරුවාට ලැබීමට සලස්වනු ඇත.

ලබාදෙන පහසුවට අමතරව ‘Auto Bill Pay’ සේවාව මගින් නොගෙවූ බිල්පත් එකතුවීමට නොදෙන අතර ගනුදෙනුකරුවන් බිල්පත් ප‍්‍රමාදවීමේ දඩ මුදල් ගෙවීමෙන් සහ බිල්පත් ගෙවීම ප‍්‍රමාදවීම නිසා විදුලිය විසන්ධි කිරීම් වලින් වලක්වා ගැනීමට හැකිවේග මීට අමතරව, මෙහිදී ගනුදෙනුකරුවන්ට මැක්ස් ලෝයල්ටි ප‍්‍රතිලාභ ලකුණු රැස්කර ගැනීමට අවස්ථාව හිමිවන අතර එම ලකුණු දිවයින පුරා විහිදුණු ප‍්‍රසිද්ධ අලෙවි සැල් වලදී භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමේදී මුදල් වෙනුවට හිලව් කිරීමේ අවස්ථාව හිමිවේ. මේ ආකාරයෙන් බිල්පත් ගෙවීම ස්වයංක‍්‍රීයගත කිරීම මගින් ගනුදෙනුකරුවන්ට තමන්ගේ බිල්පත් ගෙවන දිනයන් සටහන් කර තබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති අතර නියමිත වේලාවට ඉතාමත් පහසුවෙන් බිල්පත් ගෙවීමට අවස්ථාව හිමිවේ.

‘Auto Bill Pay’ පහසුකම ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වීසා, මාස්ටර්කාඞ් හෝ යුනියන්පේ ක්‍රෙඩිට් කාඞ්පත් වලින් ලියාපදිංචි විය හැකි අතර මෙම පහසුකම භාවිතා කරමින් 2018 වසරේ සිට ඩයලොග් බිල්පත් ගෙවීමේ අවස්ථාවද බැංකුව විසින් ලබාදී ඇත. මෙම කාඞ්පත් හිමියන් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවන් සඳහා ගෙවීමට හැකි වීම තුලින් බැංකුව විසින් ලබාදෙන පහසුකම් තවත් වර්ධනය වී තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට එසේ නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව පිට පිටම නම වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව ද වේ. 2020 වසරේදී සිය සියවස සමරන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. 2019 වසරේදී බැංකුව ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා (දකුණේ සිට සිව්වැන්නා) සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ආයතනික උපාය මාර්ග අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය, ඉංජිනේරු ඞී.සී.ආර්.අබේසේකර මහතා මෙම ආයතන දෙකේ නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කරගනී.