කොමර්ෂල්  බැංකුවේ ‘ඩබල් වාසි’ වෙතින් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 2.2 ක් ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාව

    April, 1, 2021

    කොමර්ෂල් බැංකුව සමඟ මෙරටට පේ‍්‍රෂණ ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන්ට මෙවර අළුත් අවුරුදු සමයේදී දිනපතා වාසි අත්කර දෙමින් බැංකුව විසින් ‘ඩබල් වාසි’ ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දී තිබෙන අතර මෙහිදී ගනුදෙනුකරුවන් 22 දෙනෙකුට ඔවුන්ගේ පේ‍්‍රෂණ මුදල් රුපියල් 100,000 ක් දක්වා දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

    මෙම දිනුම් ඇදීම සිදුකරන දින 22 ක කාලය අපේ‍්‍රල් 15 වනදායින් අවසන් වන අතර එක් ගනුදෙනුකරුවෙකුට එක් දිනයකදී තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ වාසිය ලබාගැනීමට හැකිවේ. මෙහිදී, සමස්තයක් ලෙස රුපියල් මිලියන 2.2 ක මුදලක් ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ සේවාව වන ComBank RemitPlus සහ බැංකුවේ පේ‍්‍රෂණ පාර්ශවකරුවන් වන මනිග‍්‍රෑම්, වෙස්ටන් යුනියන් සහ රියෝ මනි ට‍්‍රාන්ස්ෆර් හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සඳහා ස්වයංක‍්‍රීයව ඇතුළත් වේ.

    බැංකුව සඳහන් කරන්නේ මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකු ගිණුමකට සෘජුව පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගන්නා සෑම ගනුදෙනුකරුවෙකුම සහ තමන්ට ආසන්න කොමර්ෂල් බැංකු ශාඛාවකින් පේ‍්‍රෂණය කර තිබෙන මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවෙකුම ‘ඩබල් වාසි’ දිනුම් ඇදීම් සඳහා එක් වාරයක් ඇතුළත් කර ගන්නා බවයි. මීට අමතරව, ස්වයංක‍්‍රීය ටෙලර් පතක් සහ ඩෙබිට් කාඞ්පතක් ලෙසද භාවිතා කළ හැකි කොමර්ෂල් බැංකු පේ‍්‍රෂණ කාඞ්පත් හිමියන් දෙවරක් ඇතුළත් කරන නිසා ඔවුන්ට ජයග‍්‍රහණය කළ හැකි අවස්ථාව දෙගුණ වන බව කොමර්ෂල් බැංකුව පවසයි.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට අමතරව කොමර්ෂල් බැංකුව හරහා සෘජුවම පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන්ට ඇමරිකානු ඩොලරයක් රුපියල් බවට පත්කිරීමේදී ඩොලරයකට අමතර රුපියල් 2 ක මුදලක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත. එසේම, ලැබෙන අනිකුත් මුදල් ඒකක වලටද එම මුදල් ඒකක ප‍්‍රමාණය අනුව මෙම ප‍්‍රතිලාභය ලබාදීමට බැංකුව කටයුතු යොදා තිබේ.

    කොමර්ෂල් බැංකුව හරහා සෘජු පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම දිරිමත් කිරීම වෙනුවෙන් බැංකුව මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත. දිනපතා ජයග‍්‍රාහකයින්ට හිමි මුදල් ත්‍යාග ප‍්‍රවර්ධන වැඩසටහන අවසානයේදී ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ ඉතාමත් සක‍්‍රීය බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සතු දිවයින පුරා විහිදුණු ශාඛා 268 කින් යුතු ජාලය ප‍්‍රධානතම ශක්තියක් වන අතර එම ශාඛාවන් කීපයක් රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනවල ගනුදෙනු සඳහා විවෘතව ඇත. එසේම, කොමර්ෂල් බැංකුවේ 890 ක් වන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකුවක් සතු මුදල් නිකුත් කිරීමේ විශාලතම ජාලය වේ. කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ එවන ගනුදෙනුකරුවන්ට නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳසැල් බැංකු කවුළු, පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් සඳහාම වෙන්වූ පාරිභෝගික සහාය ඇමතුම් මධ්‍යස්ථානයක් සහ පේ‍්‍රෂණ පැමිණ ගෙවීමට සූදානම් බව දන්වන කෙටි පණිවුඩයක් ඇතුළු සේවාවන් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.