කොමර්ෂල් බැංකුව මඩකළපුවේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 3000 කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙයි

    February, 13, 2020

    මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 3000 කට වැඩි සංඛ්‍යාවක් සඳහා පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ආධාර ලබාදුන් අතර මෙම ආධාර ලබාදීමේ වැඩසටහන මඩකළපුවේ කොමර්ෂල් බැංකු ශාඛාව විසින් සංවිධානය කර තිබුණි. දැඩි ලෙස පීඩාවට පත්වූ පවුල් 200 ක් සඳහා භූමිතෙල් උදුන් සහ මුළුතැන්ගේ උපකරණ කට්ටල සහ අවශ්‍ය පවුල් සඳහා මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර බැංකුව විසින් බෙදාදුන් බව බැංකුව සඳහන් කරයි.

    මෙම සහන වැඩසටහනේ අරමුණ වූයේ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වී තමන්ට අයත් දේවල් අහිමිවූ ජනතාවට නැවතත් සිය ජීවිතය ගොඩනගා ගැනීම සඳහා සහාය ලබාදීමයි. ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ 23 වන බලකායේ අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර මහතා, මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් එම්. උදය කුමාර් මහතා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රන්ධීර් තුඩුගල මහතා අවශ්‍යතා සහිත පවුල් හඳුනාගනිමින් මෙම ආධාර බෙදාදීම සඳහා සහයෝගය ලබාදෙන ලදී.

    සේයාරුවේ දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුව විසින් මඩකළපුවේදී සිදුකළ ගංවතුර ආධාර වැඩසටහන සිදුවන ආකාරයයි.