November, 29, 2024
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන සංස්කරණය අවසන් වීම සමඟ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී දරුවන් 137 දෙනෙකුගේ කලා කුසලතා අගයමින් රුපියල් මිලියන 3 ක මුදල් ත්‍යාග පිරිනමන ලදී.
කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහභාගී විය.
වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා පැවැත් වූ මෙම තරගය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම යටතේ සංවිධානය කරනු ලැබූ අතර විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ට ද විවෘත විය. තරගය සඳහා නිශ්චිතව දක්වා තිබූ වයස් කාණ්ඩ පහ යටතේ 12000 කට අධික චිත්‍ර සංඛ්‍යාවක් www.arunalusiththam.lk වෙත උඩුගත කර තිබූ අතර කොමර්ෂල් බැංකුව ජයග්‍රාහකයින් 137 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ත්‍යාග ප්‍රදානෝත්සවයට ඇරයුම් කරන ලදී. විදෙස්ගත ජයග්‍රාහකයන් තිදෙනා අන්තර්ජාලය හරහා උත්සවයට සහභාගී වී ඔවුන්ගේ අදහස් බෙදා ගනු ලැබීය. ජයග්‍රාහකයන් හට රුපියල් 10,000සිට රුපියල් 100,000 දක්වා පරාසයක මුදල් ත්‍යාග පිරිනැමිණි.
තරගයේ ජයග්‍රාහකයින් අතර සිටි කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුදල් ත්‍යාගවලට අමතරව විශේෂ ත්‍යාග ද හිමි විය.
මහාචාර්ය සුසිරිපාල මාලිම්බොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් විනිසුරු මඩුල්ලක් යටතේ මෙවර තරගය සඳහා ඉදිරිපත් කරන ලද චිත්‍ර විනිශ්චය කිරීම සිදු කරන ලදි.
කොමර්ෂල් බැංකුව විසින් 2017 වසරේ දී ‘අරුණළු සිත්තම් චිත්‍ර තරඟය’ ආරම්භ කරන ලදී. කොමර්ෂල් බැංකුවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන අරුණළු ගිණුම් සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල්වල පළමු, දෙවන හෝ තෙවන ඉහළම ලකුණු ලබා ගන්නා ගිණුම් හිමි ශිෂ්‍යයින්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.
කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ නියෝජිතයන් සමඟින් 2024 අරුණළු සිත්තම් ළමා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සේයාරුවෙන් දැක්වේ.
Video Story