කොවිඩ් අවදානම කොළඹ සුපිරි හෝටල්වලටත්

    October, 24, 2020

    කොළඹ තරු පංතියේ සුපිරි හෝටල් දෙකක් වන හිල්ටන් සහ ෂැංග්‍රිලා හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙසින් හඳුනාගෙන තිබේ. මෙම හෝටල් දෙක විසින් ඒ බව තහවුරු කරමින් මාධ්‍ය වෙත නිවේදන නිකුත් කර ඇත.

    මෙහිදී ෂැංග්‍රිලා හෝටලය සිය නිවේදනයෙන් පවසන්නේ සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු COVID-19 ආසාදිතයෙකු බව ඊයේ (23) දිනයේ දී තහවුරු කර ඇති බවයි. එසේම තම කාර්යමණ්ඩල සාමාජිකයෙකු ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති බව කොළඹ හිල්ටන් හෝටලය විසින් ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම හෝටල් දෙකම පවසන්නේ ආදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින් සෘජුව සිය අමුත්තන් සමඟ සම්බන්ධ නොවන අය බවයි.