කොවිඩ් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වහාම සහන සලසන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165 ක ණයක්

    November, 25, 2020

    COVID-19 වසංගතයෙන් දිගු කාලීනව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) වහාම මූල්‍ය ආධාර සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 165 ක ණයක් ලබා දී තිබේ. කාන්තාවන් සහ කුඩා තේ වතු හිමියන්‍ විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර ද ඇතුළුව අඩු පහසුකම් සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මේ හරහා සහාය දැක්වීමට නියමිත වේ.

    අපනයන අරමුණු කරගත් කර්මාන්තවල ඉල්ලුම අඩුවීම සහ සැපයුම් දාම කඩාකප්පල් වීම හේතුවෙන් COVID-19 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇත. මෙහිදී සමස්ත රැකියා ප්‍රමාණයෙන් 45% කටත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කටත් දායකත්වයක් දක්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර පුනර්ජීවනය කිරීම සඳහා මූල්‍යමය සහාය ඉතා වැදගත් වේ.