කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ආයතන දුරස්ථ ව්‍යාපාරික ක්‍රියාවලිය හරහා සාර්ථක ගනුදෙනු දිනයක් නිමා කරයි

    October, 26, 2020

    නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශද ඇතුලත්ව කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ගනුදෙනුකරන ආයතන තම ගනුදෙනු කටයුතු අද (26) දිනයේදී ඉතාම සාර්ථකව නිමා කරනු ලැබීය.

    පසුගියදා නව්‍යකරණයට ලක්වූ කොටස් හුවමාරුවෙහි ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ අඛණ්ඩව ව්‍යාපාරික සේවා පවත්වා ගැනීමේ ක්‍රියාන්විතය දුරස්ථ මට්ටමෙන් තැරව්කාර ආයතන හා එකාබද්ධව ක්‍රියාවට නැංවිණි. ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය වඩාත් සුමට හා පහසු ලෙස පවත්වාගෙන යාමට තාක්ෂනය භාවිතයට ගැනීම තවදුරටත් මේ හරහා අවධාරණය විය.

    කුමන තත්වයක් යටතේ වුවද අඛණ්ඩ ව්‍යාපාරික සේවා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිහි ප්‍රතිඵල ඵලදායී හා සාර්ථක වීම තුල කොළඹ කොටස් හුවමාරුව සතුව පවතින පද්ධතීන්හි හැකියාවේ ශක්තිමත්භාවය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව හා තැරව්කාර සමාගම් සෑහීමකට පත්ව සිටී. අප කණ්ඩායම් , අනාගතයේ උදාවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සුදානමින් තවදුරටත් සැලසුම් සකස් කරමින් තිබේ.

    අද දිනයේදී දුරස්ථ මට්ටමේ ගනුදෙනුකරණය සාර්ථකවීම යනු වෙළෙඳපොල ක්ෂේත්‍රයක් ලෙස බාධාවකින් තොරව තම ගනුදෙනු කරුවන්ට සේවා සැපයීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සතුව පවතින සුවිශේෂී හැකියාව සනාථ වීමකි.