කොළඹ විශ්ව විද්‍යාලය තවත් කඩඉමක් පසු කරයි

    April, 11, 2025

    කොළඹ විශ්ව විද්‍යාලය Fadna සමග එක්ව සිදු කල නිෂ්පාදන ත්‍රිත්වයෙන් ලැබෙන අදායමෙන් කොටසක් Fadna විසින් එම විශ්ව විද්‍යාලය වෙත පිරිනැමීමේ අවස්ථාව පසුගිය අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා  කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය H.D.කරුණාරත්න හා Fadna නිර්මතෘ චමේන්ද්‍ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදි සිදු විය.

    කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය H.D.කරුණාරත්න ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දැක්ම අනුව විශ්ව විද්‍යාල පර්යේෂණ තුලින් බිහිවන නව සොයාගැනීම් පෞද්ගලික ආයතන සමග එක්ව වෙළදපොලට හදුන්වා දීම පසු ගිය කාලයේ සිදු කලේ ය.

    ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලය, Fadna සමග එක්ව 2022 වසරේ වෙළඳපොළට හඳුන්වා දුන්  Orthoshield , Satiny සහ Vernolac යන නිෂ්පාදන ත්‍රිත්වය මේ වන විට  ජනප්‍රිය නිෂ්පාදන ත්‍රිත්වයක් ලෙස වෙළදපොල තුල ඉහල ජනතා ප්‍රසාදයක් දිනාගෙන ඇත.

    එමෙන්ම මෙම නිෂ්පාදන ත්‍රිත්වයම කැලණිය විශ්ව විද්‍යාලය විසින් සිදු කල ස්වාධින පාරිභෝගික සමීක්ෂණයක දී 90%ට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනා ගැනීම මගින් ද එය වඩාත් හොදින් තහවුරු වී ඇත.

    Fadna ආයතනය විශ්ව විද්‍යාලවල පර්යේෂණ යථාර්තයක් බවට පත් කරමින් නිෂ්පාදන ලෙස වෙළඳපොළට හඳුන්වා දීම සඳහා දායකත්වය සැපයීම අගය කලයුතු කරුණක් බව එහිදී උපකුලපතිතුමා එහිදී සඳහන් සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාවට කොළඹ  විශ්ව විද්‍යාලයේ ආචර්ය මණ්ඩලය හා FADNA කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.