කොළඹ සියලු කොටස් හයදහසේ කඩඉම පසුකරයි

    November, 5, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දින ගනුදෙනු අතරවායේ දී ඒකක 6,000 සීමාව පසුකරනු ලැබීය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,004.11 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 98.20 ක් හෙවත් 1.66% ක වර්ධනයකි.

    මේ අතර අද දින රු. බිලියන 4.28 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පසුගිය සැප්තැම්බර් මාසයේ දී 12.3% ක වර්ධනයක් වාර්තා කළ නමුත් ඔක්තෝබර් මාසයේ දී 4.32% ක කඩාවැටීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ මුල් ගනුදෙනු දින 4 තුළ දී පමණක් මේ වන විට 4.84% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට ඒය සමත් වී තිබේ.