ක‍්‍රිස්බ්‍රෝ කුකුළු ගොවියන්ගේ අවධානම අඩුකරමින් විශාල ප‍්‍රතිලාභ ලබා දෙයි

July, 9, 2019

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයකු වන ක‍්‍රිස්බ්‍රෝ ආයතනය ගෙවුණු 47 වසර පුරා ශ‍්‍රී ලාංකිකයන්ට උසස්ම තත්ත්වයේ කුකුළු මස් සැපයීමෙන් අත්පත්කරගත් ව්‍යාපාරික සාර්ථකත්වයට එහා ගිය මහත් වූ ආර්ථික සමාජ මෙහෙවරක් ඉටුකරන්නා වූ ආයතනයක් වේ.විශේෂයෙන් ශ‍්‍රී ලාංකික කුකුළු ගොවීන් වෙනුවෙන් සහ බඩ ඉරිඟු ගොවීන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය විශාල සමාජ මෙහෙවරක් ඉටුකරමින් සිටී.

ක‍්‍රිස්බ්‍රෝ ආර්ථික සමාජ මෙහෙවරේ ඉතා වැදගත් අංගයක් ලෙස කුකුළු ගොවීන් සමග ඇතිකරගෙන තිබෙන ඵලදායී ව්‍යාපාරික සම්බන්ධතාව විශේෂ වේ.මෙම ව්‍යාපාරික සමබන්ධතාව තුළින් කුකුළු ගොවීන් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය මගින් ලබා දෙන්නා වූ කුකුළු පැටව් රැුකබලා ගැනීම කරනු ලබයි.එහිදී ක‍්‍රිස්බ්‍රෝ ආයතනය කුකුළු පැටව් සැපයීමේ සිට ආහාර සැපයීම,පශු වෛද්‍ය සේවා,සහ තාක්ෂණික උපදෙස් යන සෑම කටයුත්තකදීම සහය ලබා දෙන අතර කුකුළු ගොවීන් කලයුත්තේ කුකුළු පැටව් රැුකබලාගැනීම පමණි.

මෙම ක‍්‍රමවේදය තුළින් දිවයින පුරා විසිරී සිටින කුකුළු ගොවි පවුල් රැුසකට ප‍්‍රතිලාභ උදාවී ඇති අතර ඔව්න්ට නිශ්චිත ආදායම් මාර්ගයක් මෙන්ම ස්වාධීනව තම ව්‍යාපාරය කරගෙන යාමේ හැකියාවද උදාවී තිබේ. එසේම මෙතුලින් ඔව්න්ගේ ව්‍යාපාරික අවදානමද අවම මට්ටමකට පැමිණ තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ ජ්‍යෙෂ්ට කළමනාකරු (ඌව සහ නැගෙනහිර කලාපය * එස්.කේ අබේසිංහ මහතා ,මෙම කුකුළු ගොවීන්ගෙන් බහුතරයක් අප සමග වසර 10 කට වඩා වැඩි කාලයක් රැුඳී සිටිනවා.මේ නිසා ඔවුන් සමග ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමටත් ඔවුන්ගේ මූල්‍ය අවදානම අඩුකරමින් සාර්ථක ව්‍යාපාරික අවස්ථාවක් සලසා දීමටත් මේ නිසා අපට හැකියාව ලැබී තියෙනවා”.

‘‘ඒවගේම අපි දකිනවා මෙම ව්‍යාපාරයන් බොහොමයක් මෙහයවනු ලබන්නේ කාන්තාවන් විසින්.ඒවගේම සමහර කාන්තාවන් ඔවුන්ගේ පවුල්වල ප‍්‍රධාන සහ එකම ආදායම් උපයන්නාද වනවා.මෙය ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කරන අතර ස්ත‍්‍රී පුරුෂ සමානත්වය යන පණිවිඩය ගෙන යාම සඳහා ද මෙය උදව් වෙනවා.”යැයි පවසයි.

ගිරාඳුරුකෝට්ටේල මකුළුගොල්ල ග‍්‍රාමයේ චන්ද්‍රා කුමුදුනි මහත්මිය ක‍්‍රිස්බ්‍රෝ ආයතනය සමග එක්ව සාර්ථක ව්‍යාපාරිකාවක් වූ කාන්තාවක් වේ.දෙදරු මවක් වන ඇය සෑම උදෑසනකම තම දරු දෙදෙනාගේ කටයුතු වලින් පසු තම ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යන අතර ඇය විසින් කුකුළන් 2372 ඇතිකරනු ලබයි.

”කුකුල් පැටව් රැුකබලා ගැනීමේ ව්‍යාපාරය ආරම්භ කරන්න පෙර මම ඇඟලූම් කර්මාන්ත ශාලාවක වැඩ කළා,නමුත් එම කර්මාන්ත ශාලාව වැසූ පසු මට ආදායම් මාර්ගයක් නැති වුණා,මට මගේ දරු දෙදනා රැුක බලාගැනීමටත් විදියක් නැති වුණා. මන්ද ඒ වනවිට මගේ සැමියා රිය අනතුරකින් මිය ගොස් සිටියේ. නමුත් වාසනාවකට මට ක‍්‍රිස්බ්‍රෝ සමාගම ගැන දන ගන්න ලැබුණා.දැන් මට හොඳ ආදායම් මාර්ගයක් වගේම මගේ ගමටත් යම් දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබී තියෙනවා.

ඇය වැඩිදුරටත් පවසනුයේ, ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ මැදිහත් වීම නොවන්න ඇයට සහ ඇයගේ ගමේ බොහෝ දෙනකුට රැුකියාවක් සඳහා කොළඹ වැනි දුර බැහැරකට පැමිණීමට සිදුවන බවයි.කෙසේ වුවත් දැන් තම ගමේම සිට දරුවන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් හොඳ ආදායමක් ලැබීමට හැකි බව චන්ද්‍රා කුමුදුනි මහත්මිය පවසයි.

එමෙන්ම වී වගාව හා සම්බන්ධ විකල්ප ආදායම් මාර්ග තිබුණත් එය වසරේ සෑම කාලයකම නොමැති නිසා බොහෝ විට රැුකියා සඳහා කොළඹ වැනි දුර බැහැරට යාමට සිදුවන බව ඇය තව දුරටත් පවසයි.

දඹගොල්ල, නවකැටියාය ග‍්‍රාමයේ එච්.එම් සිරියාවතී මහත්මියගේ කථාවද මීට පෙර කතාව හා සමාන එකකි. වසර 18 කට පෙර තම සැමියා මිය යාමෙන් පසු ගල් කොරියක රැුකියාවේ නිරත වෙමින් ගල් කැඞීමෙන් ඇයගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් වෙහෙසක් ගත් බව ඇය පවසයි.
නමුත් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය සමග එක්වී තමාගේම කුකුළු ගොවිපළක් ඇරඹීමෙන් පසු ඇය අද තෘප්තිමත් ආදායමක් ලබන අතර දරුවන් දෙදෙනාද හොඳ අධ්‍යාපනයක් ලබා රැුකියාවන් හී නියුක්තව සිටී.

‘‘ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අපට මෙම අවස්ථාව ලබා දීමෙන් පසු මගේ බොහොමයක් ප‍්‍රශ්න විසඳුණා වගේම හොඳ ජීවිතයක් ගත කිරීමේ අවස්ථාවත් මට උදා වුණා, මට සමාජයට දෙන්න තියෙන පණිවිඩය තමයි මොන ප‍්‍රශ්න ආවත් මං වගේ ශක්තිමත්ව වැඩ කරන්න.”යැයි ඇය පවසයි.