ක‍්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රජාව ආර්ථික සහ සමාජීය වශයෙන් සවිබල ගන්වයි

July, 30, 2019

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ ගුණාත්මක කුකුළු මස් සැපයුම්කරු ලෙස නමක් දිනා සිටින ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තම ව්‍යාපාරික අරමුණු හා බද්ධ සහ ඊට එහා ගිය සමාජ සත්කාරක ක‍්‍රියාවන් රැසක් මේ වන විට ඉටුකරමින් පවතී. තම ගොවි ජනතාව සමග හවුල්කාරිත්ව එක`ගතා ඇති කරගනිමින් ඔවුන් නගා සිටුවීම, පරිසර හිතකාමී ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, තම සේවක ප‍්‍රජාව බලගැන්වීම යනාදී ක‍්‍රියාවන් තුළින් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තම ආයතනික සමාජීය වගකීම් පිලිබඳ තම දැක්ම සමස්ත ශ‍්‍රී ලංකාවටම ව්‍යාප්ත කරමින් සිටි.

මෙහිදී බඩ ඉරිඟු වගා කරන්නන් සහ කුකුළු පැටවුන් රැකබලා ගන්නන් සමග ඇතිකරගෙන තිබෙන හවුල්කාරිත්ව එක`ගතා කැපී පෙනේ. ආයතනය සහ ග‍්‍රාමීය ප‍්‍රජාව යන දෙපිරිසටම මෙමගින් ආර්ථික සහ සමාජීය ප‍්‍රතිලාභ රැසක් අත්කර දී ඇත.

මේ යටතේ මෑතකදී බඩ ඉරිඟු ගොවීන් 1200 කට සහ කුකුළු පැටවුන් ඇතිකරන්නන් 250 කට ක‍්‍රිස්බ්‍රෝ දිරි සවිය මගින් ආධාර සහ සහයෝගය ලබා දී ඇත.

ඔවුන්ගේ  ව්‍යාපාර අරමුණු වලින් ඔබ්බට යමින් ක‍්‍රිස්බ්‍රෝ තවදුරටත් සමාජීය සුභසාධන වැඩකටයුතු රාශියක් ක‍්‍රියාත්මක කරමින් පවතී. ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් ^Crysbro Next Champ& එවැනි එක් ව්‍යාපෘතියක් වන අතර දිවයින පුරා විසිරී සිටින දක්ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගනිමින් ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම, පුහුණුව, ආහාර රටාවන් පිලිබඳ උපදෙස් ලබාදෙමින් ඔවුන් ජාතික තලයට ඔසාවා තැබීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

ජාත්‍යන්තර තලයේ ජයග‍්‍රහණ ලබා ගත හැකි නමුත් කිසිවකුගේ අවධානය හෝ සහයෝගය නොලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන්ට සහයෝගය දැක්වීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

මීට අතිරේකව තවත් ව්‍යාපෘති රාශියක් ක‍්‍රිස්බ්‍රෝ ආයතනය මගින් පසුගිය වසර ගණනාවක් පුරා සිදු කර තිබේ. මේ යටතේ ‘‘ සිසු දිරිය” මගින් 6000 කට වඩා වැඩි පාසැල් සිසුසුවියන්ට පොත්පත් සැපයීම සහ විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනය ලැබු සිසුන්  පිරිසකට ප‍්‍රතිලාභ අත්කර දී ඇත. එසේම  ප‍්‍රජා අරුණ මගින් නිවාස 34 ක් අලූතින්ම සාදා දී ඇති අතර නිවාස 80 ක් පිළිසකර කර දී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ හරිත සත්කාර ව්‍යාපෘතිය මගින් පැළ 5000 ක් සිටුවමින් ක‍්‍රිස්බ්‍රෝ පරිසර හිතකාමී බව මුළු ලෝකයටම පෙන්වා දී ඇත.

ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ තවත් විශේෂත්වයක් වනුයේ සමාගම් 6 ක් පුරා විහිදුන ව්‍යාපාරික ස්ථාන 18 ක් තුළ සිටින එහි සේවක ප‍්‍රජාව සඳහා ද වෘත්තීය සහ පෞද්ගලික සංවර්ධනය සඳහා සුදුසු පරිසරයක් තනා දීමයි.

සෑම වසරකම පවත්වනු ලබන වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවය ක‍්‍රිස්බ්‍රෝ සේවකයින්ගේ ආයතනික ජයග‍්‍රහණ මෙන්ම වෙනත් කැපී පෙනෙන දක්ෂතා අගයනු ලබන උත්සවයකි. පසුගිය වසරේ පැවති එම සම්මාන උළලේදී හඳුනාගත් සේවක සේවිකාවන් 1100 කට නිවාස ඉදිකිරීම් සඳහා මූල්‍යාධාර, නිවාස අලූත්වැඩියා කිරීම් සඳහා මූල්‍යාධාර, පවුලේ නිවාඩුවක් ගතකිරීම සඳහා පැකේජයන් මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමිණි. විශේෂයෙන් නිවාස සම්බන්ධව ක‍්‍රිස්බ්‍රෝ ආයතනය වැඩි සැලකිල්ලක් දක්වන අතර යම් සේවකයකුට නිවසක හිමිකම ලැබීම ඔවුන් ආර්ථික සහ සමාජීය වශයෙන් කරන ලද බලගැන්වීමක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ ආයතනය සලකනු ලබයි.

තවද ක‍්‍රිස්බ්‍රෝ කාර්ය මණ්ඩල දරුවන්ගේ කුසලතා අගයමින් ඔවුන්ව දිරිමත් කිරීම සඳහා විවිධ දක්ෂතා එළිදක්වන වැඩසටහන් ආයතනය මගින් සංවිධානය කරනු ලබයි.

නීරෝගී බව සෑම පුද්ගලයකුටම ඉතාමත් වැදගත් කාරණයකි. ක‍්‍රිස්බ්‍රෝ ”සුව ශක්ති” වැඩසටහන එම අරමුණ පෙරදැරිව ආරම්භ කරන ලද වැඩසටහනක් වන අතර මෙහි විශේෂත්වය වනුයේ ක‍්‍රිස්බ්‍රෝ කාර්යමණ්ඩලයට මෙන්ම අවට ගම්වාසීන්ටද මේ සඳහා සහභාගී වීමට ඇති හැකියාවයි. මේ වන විට සෞඛ්‍ය කඳවුරු 20 ක් පවත්වමින් නොමිලේ වෛද්‍ය පරීක්ෂාවන් සහ ඖෂධ ලබා දීම සුව ශක්ති වැඩසටහන මගින් ක‍්‍රියාත්මක කර තිබේ.

තවද පාරිසරික හිතකාමීබව සහ අසල්වැසි ප‍්‍රජාව සමග සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද ආයතනය නිරන්ත අවධානය යොමු කරයිග ක‍්‍රිස්බ්‍රෝ ආයතනය ශ‍්‍රී ලංකා ආර්ථිකය තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර  කුකුළු මස් කර්මාන්තයේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරයි. කෙටිකාලීනව සහ දිගුකාලීනව මින් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ මහත් වේ. එසේම වඩාත් විනයානුකූලව, ව්‍යුහගතව, සහ බදු ගෙවන්නන් අතර ප‍්‍රමුඛස්තාන්යේ සිටින කෘෂිකාර්මික කෂේත‍්‍රයේ ඉහළම ආදායම් උපදන අංශය ද මෙය වේ. ඉදිරි වසර කිහිපය තුළ ජනගහණයේ වර්ධනය මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රයේ වර්ධනය සමග කුකුළු ආහාර සඳහා ඇති ඉල්ලූම ඉහළ යනු ඇති අතර අනෙකුත් මස් ප‍්‍රභවයන්ගේ පිරිවයද ඉහළ යන පසුබිමක ක‍්‍රිස්බ්‍රෝ ආයතනයේ අඛණ්ඩ මෙහයුම සාර්ථකව ඉදිරියටම යනු ඇත.

වෙළඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated& තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK & යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.