ක‍්‍රිස්බ්‍රෝ සහ හවුල් හිමිකාරීත්වය දකුණු ආසියාවේ නවීතනතම කුකුළු ආහාර නිෂ්පාදනාගාරයට හිමිකම් කියයි

September, 11, 2019

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සහ එහි හවුල් හිමිකාරීත්වය දකුණු ආසියාවේ අති නවීනතම කුකුළු ආහාර නිෂ්පාදනගාරයෙහි හිමිකරුවා බවට පත් වෙමින් මෙම ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වයට පත්ව සිටී. කුරුණෑගල වීරඹුගෙදර ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන මෙම කුකුළු ආහාර නිෂ්පාදනාගාරය ක‍්‍රිස්බ්‍රෝ හි සහෝදර සමාගමක් වන ෆෝචූන් ඇග්‍රෝ විසින් පවත්වාගෙන යනු ලබන අතර මෙම ආයෝජනයෙන් 50‍% ක පිරිවැයක් ක‍්‍රිස්බ්‍රෝ සමාගම විසින් දරා ඇත.

දේශීය ගොවිජනතාවගෙන් සහ ආනයනය කරනු ලබන බඩ ඉරිගු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා මෙම නිෂ්පාදනාගාරය වෙත ගෙන එනු ලබන අතර දේශීය ගොවියන්ගෙන් ලබා ගන්නා බඩ ඉරි`ගු සඳහා ඔවුන්ගේ නිෂ්පාදන ක‍්‍රිස්බ්‍රෝ සමාගම විසින් මිලදී ගැනීමෙන් පැය 24ක් ඉකුත් වීමට ප‍්‍රථමව මුදල් ගෙවීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රිස්බ්‍රෝ විසින් අනුගමනය කරනු ලබයි. එනම් ඔවුන්ගේ නිෂ්පාදන නිෂ්පාදනාගාරයට ඇතුළුවන මොහොතේදී කිරා බැලෙන අතර එහි තෙතමනය ඉවත් කර සපයනු ලබන සමස්ත බඩ ඉරි`ගු අස්නැන්න සඳහා ගෙවිය යුතු මුදල ගොවියන්ගේ බැංකු ගිණුමට එදිනම බැර කෙරේ.

ක‍්‍රිස්බ්‍රෝහි අනුබද්ධිත සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වෙන ෆෝචූන් ඇග්‍රෝ හි කුකුළු ආහාර නිෂ්පාදන ධාරිතාව දිනකට මේටි‍්‍රක් ටොන් 400ක් වූවද අමුද්‍රව්‍යන්ගේ හි`ගතාව මත මෙහි වර්තමාන ධාරිතාව මෙට්‍්‍රක් ටොන් 200කට සීමාවී ඇත. ෆෝචූන් ඇග්‍රෝ කුකුළු ආහාර නිෂ්පාදනාගාරය තවත් සුවිශේෂී වන්නේ මෙහි ඇති සැකැස්ම නිසයි. සාමාන්‍යයෙන් අප දැක ඇති නිෂ්පාදනාගාරයන් භූමිය පුරා පැතිර තිබෙන නමුත් මෙම නිෂ්පාදනාගාරයෙහි සියලූ පියවරයන් ඉහළ සිට පහළට සිදු කෙරෙන අයුරකින් සකස් වී ඇත. මේ සඳහා ප‍්‍රධාන නිෂ්පාදනාගාර ගොඩනැගිල්ල මහල් 11කින් සමන්විත අතර ධාන්‍ය ගබඩාවන්හි (Silo) ගබඩා කෙරෙන බඩ ඉරි`ගු දස වන මහල වෙත යැවෙන අතර ඉන් අනතුරුව පියවරේ පියවරට ඉඩ බරි`ගු කුකුළු ආහාර බවට පරිවර්තනය කෙරේ. නිෂ්පාදනාගාරය වෙත පිවිසීම සඳහා ඇති එකම මාර්ගය මුළුමනින්ම වාතය ඇතුළු නොවන ලෙස සකසා ඇති අතර මෙහි සේවය කරන සියලූ දෙනා නිල ඇඳුමකින් සැරසී ප‍්‍රධාන නිෂ්පාදනාගාරය වෙත පිවිසිය යුතුවේ. ඉන්දියාව ඇතුළුව දකුණු ආසියාවේ රටවල් බොහොමයක පිහිටි කුකුළු ආහාර නිෂ්පාදනාගාර ලෝහ සැකිල්ලක් සහිත ගොඩනැගිලිවල පවත්වාගෙන ගියද මෙරට ෆෝචූන් ඇග්‍රෝ නිෂ්පාදනාගාරය මුළුමනින්ම සිමෙන්ති ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බැවින් දිලීර හා සත්ව ආහාර අපවිත‍්‍ර වියහැකි අවස්ථා බොහොමයක් මගහරවා ගෙන ඇත.

නිෂ්පාදන ඵලදායිතාව නැංවීම සහ පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය ප‍්‍රමාණය ඉතා අවම මට්ටමකට ගෙන ඒම සඳහා ෆෝචූන් ඇග්‍රෝ නිෂ්පාදනාගාරය අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව පියවර රැුසක් ගෙන ඇත. ඒ පිළිබඳව අදහස් දක්වන ෆෝචූන් ඇග්‍රෝ හි කර්මාන්තශාලා ඉංජිනේරු ලලිත් බණ්ඩාර මහතා ‘‘ ලෝකයේ දියුණු රටවල් විසින් අනුගමනය කරන සංවෘත්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය (Close loop process system) පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම කුකුළු ආහාර නිෂ්පාදනාගාරය මුළුමනින්ම අපතේ යෑම් සහ අවට පරිසරය වෙත අපද්‍රව්‍ය මුදා හැරීම 100‍% ක් පමණ පාලනය කරගත් දකුණු ආසියාවේ ක‍්‍රියාත්මක වන එකම වඩාත් නවීනතම කුකුළු ආහාර නිෂ්පාදනාගාරය බව නිසැකවම පැවසිය හැකියි. විශේෂයෙන්ම සත්ව ආහාර නිෂ්පාදනයේ විවිධ අවස්ථාවන්වලදී වාතයට මුසුවන ධන්‍ය අංශු එක් රැස් කරගැනීම සඳහා අපි විශේෂ පෙරහන් භාවිතා කරන අතර මෙම පෙරහන් වලින් එක් රැස් කෙරෙන ධන්‍ය අංශු අවට පරිසරයට යොමු කිරීමෙන් තොරව යළිත්  නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා දායක කර ගැනීමට අපට හැකිව තිබෙනවා. මීට අමතරව කුකුළු මස් නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ඉතිරිවන සත්ව කොටස් මෙම කර්මාන්තයෙහි නියැලී සිටින අනෙකුත් තරගකරුවන්ට ගැටලූවක් වූවවද අපට එය ගැටලූවක් නොවන්නේ මෙම සත්ව කොටස් අධික තාපයක් ( heat and vaccum)  යටතේ (do cooking) කුඩු බවට පත් කර එය සත්ව ප්‍රෝටීන වශයෙන් කුකුළු ආහාර සඳහා යොදා ගන්නා නිසයි. එමෙන්ම සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය පරිගණක ගත වීම සහ විදුලි රැුහැන් විවෘතව පරිපථ වෙත සම්බන්ධ කිරීම තුළ තාපයෙන් සහ සුලි ධාරාවෙන් (temperature and eddy current lose) සිදු විය හැකි බලශක්ති අපතේ යෑම මුළුමනින්ම නවතා දැමීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම අනාගතයෙහි සිදුකෙරෙන වැඩිදියුණු කිරීම් සහ ධාරිතාව නැංවීම සඳහා තවත් නිෂ්පාදන යන්ත‍්‍ර 4ක් සඳහා අප ඉඩ වෙන් කර ඇති අතර එම යන්ත‍්‍ර සමග අපගේ දෛනික නිෂ්පාදනය මෙට්‍්‍රක්ටොන් 800 දක්වා වර්ධනය කිරීමේ හැකියාව පවතිනවා’’ යනුවෙන් පැවසීය.

බඩ ඉරි`ගු සහ සොයා ආශ‍්‍රිතව නිෂ්පාදනය කරන කුකුළු ආහාර අන්තර්ජාතික තත්වයන්ට අනුව නිපදවෙන අතර සෑම නිෂ්පාදන කාණ්ඩයකම නියැදියක් රසායනාගාර තත්ව පරීක්ෂණ සඳහා යොමු කෙරේ. මෙහිදී කුකුළු ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන්හි තිබිය යුතු විටමින් සහ අත්‍යවශ්‍ය සංඝටක නියමිත මට්ටමක පවතීද සහ මෙම ආහාරයන්හි සතුන්ට අහිතර සංඝටක පවතීද යන කරුණු සොයා බැලේ.

කුකුළු ආහාර සඳහා ප‍්‍රධානතම අමුද්‍රව්‍ය වන බඩ ඉරි`ගු අවශ්‍යතාව දේශීය ගොවි ජනතාවගෙන් සහ ඉතිරිය ආනයනයෙන් ලබා ගන්නා නමුදු දේශීය බඩ ඉරි`ගු නිෂ්පාදනය කුකුළු ආහාර නිෂ්පාදනයෙන් හරි අඩක්වත් සැපිරීමට ප‍්‍රමාණවත් නොවන බැවින් සමස්ත කුකුළු ගොවිපළ ව්‍යාපාරය දැඩි අසීරුතාවයට පත් ව ඇති බව ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමොරෙස් සෙලර් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ‘‘ දේශීය පරිභෝජනය සහ සත්ව ආහාර සඳහා වාර්ෂිකව මෙටි‍්‍රක්ටොන් 400,000ක බඩ ඉරි`ගු අවශ්‍යතාවක් අපට තිබෙනවා. නමුත් අපි දේශීය වශයෙන් සම්පාදනය කිරීමට සමත් ව සිටින්නේ මෙටි‍්‍රක්ටොන් 150,000ක් පමණයි. එබැවින් රටේ ඉල්ලූම සඳහා අවශ්‍ය ඉතිරි තොගය වන මෙටි‍්‍රක්ටොන් 250,000ක ප‍්‍රමාණය ආනයනය කිරීමට අපට සිදුවෙනවා. මෙහිදී ආනයනික බඩ ඉරි`ගු කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක් රජය අයකරනවා. අනෙක් අතට කුකුළු මස් කිලෝවක් සඳහා තවත් රුපියල් 85ක බද්දක් රජය විසින් පනවා තිබෙනවා. කුකුළු මස් මත පනවා ඇති බදු මුදල හෝ බඩ ඉරි`ගු මත රජය පනවා ඇති ආනයන බදු ප‍්‍රතිශතයන්හි යම් වෙනසක් සිදු කළ හැකි නම් මෙහි වාසිය සෘජුවම පාරිභෝගිකයාට ලබා දිය හැකියි. ශ‍්‍රී ලංකාවේ අවම මුදලකින් ප්‍රෝටීන් ලබා ගත හැකි ප‍්‍රශස්තම මාර්ගය කුකුළු මස් බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කිරීමේ වගකීම රජයට මෙන්ම පාරිභෝගික ප‍්‍රජාව වෙතද පවතිනවා’’.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම,අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.