චන්ද්‍රා ෂාෆ්ටර්, වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට

February, 11, 2019

වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක උත්සවය පසුගිය දා (07) බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අධිකාරිය පිහිටුවීමට හැකියාව ලැබි ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය පවසයි. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේමාර්ගෝපදේශකත්වයත් අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීමත් නිරතුරුවම හිමිවී තිබෙන අතර කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

මෙම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ වැවිලි කලාපයේ සමාජ, ආර්ථික, සංස්කෘතික යටිතල පහසුකම් සංවර්ධනය තුළින් නම් කළ ප්‍රදේශවල වැවිලි ප්‍රජාව ප්‍රධාන සමාජ ධාරාවට ඇතුළත් කිරීම සහතික කිරීම සහ නම් කළ ප්‍රදේශවල වැවිලි ප්‍රජාව, ඔවුන්ට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකි පරිදි සමාජයම හා ආර්ථිකයම වශයෙන් සවිබල ගැන්වීමයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ වැවිලි ප්‍රජාවට මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කරදුන් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාට තම ප්‍රශංසාව සහ රජයේ ප්‍රසාදය හිමිවන බවයි. මුදල් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වැවිලිකරයේ ජීවත්වන තරුණ තරුණියන්ටද ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ණය පහසුකම් ලබාදෙන බවයි. මේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ ජංගම සේවාද නුදුරේම ආරම්භ කරන බව අමාත්‍යවරයා කියා සිටියා. තිගාම්බරම් අමාත්‍යවරයා නිවාස ඉදිකර එම ජනතාවට ලබා දෙන වැඩසටහන තවත් අර්ථවත් වීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අමාත්‍ය තිගාම්බරම් පෙරළිකාර පුද්ගලයෙකු ලෙස කැබිනට් මණ්ඩලය තුළ සිය අදහස් දැක්වීම තුළින් වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවද මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ මෙම අවස්ථාව වැවිලි ප්‍රජාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. තමන් සිදුකරන සංවර්ධන කාර්යයන් වඩාත් වේගවත්ව සිදුකිරීමට හැකියාව මේ යටතේ හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියා. ඌන සංවර්ධිත ජනතාවක් ලෙස ජීවත්වන වතුකරයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම තම ඒකායන අරමුණ බවයි මෙහිදී අමාත්‍ය පලනි තිගාම්බරම් කියා සිටියේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මනෝ ගනේසන් මහතා, වී රාධක්‍රිෂ්ණන් මහතා, රාජ්‍ය අමාත්‍ය එම් හාරීස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් පෙරේරා මහතා, එම් තිලකරාජ් මහතා, අරවින්ද් කුමාර් මහතා, අමාත්‍යාංශ ලේකම් ඉන්ජිනේරු අචාර්ය පී සුරේෂ් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මෙහිදී වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස චන්ද්‍රා ෂාෆ්ටර් මහතාද , අධ්‍යක්ෂක වරුන් ලෙස එම් වාමදේවන් මහතා, ආචාර්ය එස් චන්ද්‍රබෝස් මහතා, බී ගෞතම මහතා යන අය ගරු අමාත්‍යතුමා අතින් පත්වීම් ලබාගනු ලැබුවා.

2018 සැප්තැම්බර් මස 19 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය කඳුකර දේශපාලන ඉතිහාසයේ ඉතා උසස් ප්‍රවණතාවක් බව නොරහසකි. පාර්ලිමේන්තුවේ සම්මත වූ මේ අධිකාරිය පිළිබඳ නීති අර්ථ දැක්වීම් මෙසේය.

ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රදේශවල නව ගම්මාන සංවර්ධනය කිරීම, උදෙසා වතුකර ප්‍රදේශය සඳහා වන නව ගම්මාන සංවර්ධන අධිකාරිය යනුවෙන් ප්‍රකාශිත අධිකාරියක් ස්ථාපිත කිරීම හා ඒ සම්බන්ධ සෘජු ප්‍රතිඵල ක්‍රියාකාරකම් සඳහා වූ පනත මේ දිනයේ දී ම සම්මත කරන ලද ප්‍රාදේශීය සභා සංශෝධන පනත මඟින් පෙර පැවැති පනතින් ඒ සඳහා කඳුකර ජනතාව ඇතුළත් කර නොතිබීම නිසා එම ජනතාව ඇතුළත් කරගැනීමේ අරමුණින් වූ සංශෝධනයන් බව පැහැදිලිය.

එනම්, 1987 වර්ෂයේ සමමත කරන ලද මේ පනත 2018 වර්ෂයේ දී සංශෝධනයවී ඇත. මේ මඟින් පළාත් පාලන පරිපාලනයේ අවස්ථා නොලැබුණු 85 වසරක හිස්තැනක් ඉවත් ඇති ගොස් ඇත.

එසේම වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය යනු එක් පනත් සංශෝධනයක් පමණක් නොව, එය නව පනතක් බැවින් කාලයට අවශ්‍ය එක් පනතක් වේ. තවද පවත්නා පළාත් පාලන ක්‍රමවලට ඇතුළත් වීමට ඇති අනුමැතියක් පමණක් නොව, මෙතෙක් කල් රාජ්‍ය පරිපාලන ක්‍රමයට ඇතුළත් නොකළ, වතුකර ජනතාවට බලය ලත් පරිපාලන ක්‍රමයකට ඇතුළත් වීමට අවස්ථාව සලසනු ලබන පනතක් හා නව ආයතනයක් ආරම්භ කිරීමට ඇති පනතක් වශයෙන් ද සඳහන් කළ හැකිය.

අවශ්‍යතාවේ පසුබිම

1820 වසරේ සිට මේ රටට ඉන්දියානු සම්භවයක් සහිත වතුකර දෙමළ ජනතාව මෙරටට ගෙන්වා ගන්නා ලදී. 1920 දී කේ. නඩේසයියර් මහතා වෘත්තිය සමිති, දේශපාලන ව්‍යුහයක් ඇති කරන තෙක් මේ ජනතාව වසර 100ක කාලයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී වහලුන් ලෙස කල්ගෙවා ඇත. කේ. නඩේසයියර් මහතාගේ ප්‍රවේශය මගින් එම ජනතාවට වසර 10ක කාලය තුළදී සර්වඡන ඡන්ද අයිතිය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිවිය. නමුත් 1948 වසරේ දී වතුකර දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහිමි විය. කෙසේ වෙතත් මේ ජනතාව දිගට ම බ්‍රිතාන්‍ය වැවිලි සමාගම්වල කම්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියේය. මේ තත්ත්වය 1972 වසරේ ශ්‍රී ලංකා ජනරජය ස්ථාපිත වන තෙක් පැවතිණි. මේ 150 වසරක ඉතිහාසයේ වතුකර ජනතාවගේ සමාජ පාලනයත්, බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් විසින් ම ගෙනගිය බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. ඒ වනවිටත් පළාත් පාලන පරිපාලනයට සහභාගිවීමට අවස්ථා නොලැබ සිටි මේ ජනතාවගේ උපතේ සිට මරණය දක්වා සියලු සමාජ පරිපාලන කටයුතු වැවිලි සමාගම් විසින් කරගෙන ගොස් තිබුණි. උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ උපත ලබන දරුවෙකුට ශ්‍රී ලංකාවේ රජය විසින් ලබාදෙන උප්පැන්න සහතිකය පවා අහිමි වී ඇත. ඒ වෙනුවට වැවිලි සමාගම් කළමණාකරු විසින් සහතික කරන ලද උපත් පතක් නිකුත් කෙරුණි.

නමුත් 1972 වසරේ ශ්‍රී ලංකා ජනරජය ස්ථාපිත වූ පසු ඉඩම් සිවිල් නීතිය හරහා බ්‍රිතාන්‍ය සමාගම්වලින් වතු සමාගම් භාරගැනීමේ ජාතික ප්‍රතිපත්තිය ගෙනආ අතර, ජනතා වැවිලි සංවර්ධන මණ්ඩලය, ශ්‍රී‍ ලංකා රාජ්‍ය වැවිලි සමාගම යන රාජ්‍ය සංස්ථා යටතේ වැවිලි පාලනය ගෙන එන ලදී. ඒ වන තුරු බ්‍රිතානය සමාගම් මඟින් පවත්වා ගෙන ආ සමාජ පරිපාලන කටයුතු ද පවරා ගැණිනි. රාජ්‍ය සංස්ථා ලෙස ක්‍රමයෙන් රාජ්‍ය පරිපාලන ක්‍රම අවශේෂණය විය. නමුත් එය ක්‍රමවත්ව පැවැතියේ නැත.

1977 ආණ්ඩු බලය වෙනස් වූ අතර කඳුරට දේශපාලන නියෝජනය ද ඡන්ද භාවිතය හරහා තෝරා ගැනීම් ආරම්භ විය. අමාත්‍ය ධූරයන් ද ලැබී තම අමාත්‍ය බලතල පාවිච්චි කර සංවර්ධන කටයුතු ද ආරම්භ විය. නමුත් එම සංවර්ධන වැඩසටහන් මේ ජනතාවට ම අයත් අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක වූයේ නැත. එවකට ලැබූ අමාත්‍ය ධූර සංචාරක, ග්‍රාමීය කර්මාන්ත, පශු සම්පත් ආදී වශයෙන් වූ අතර එම අමාත්‍යාංශවල එක් කොටසක් ලෙස මේ ජනතාවට අවශ්‍ය සේවා සිදුවිය.

ප්‍රාදේශීය වැවිලි සමාගම්

1992 වර්ෂයේ වැවිලි පරිපාලන ක්‍රම නැවතත් වෙනස් විය. 1972 සිට 1992 වක්වා වූ වසර 20ක කාලය තුළ රාජ්‍ය සංස්ථා මඟින් පවත්වාගෙන ආ වැවිලි පාලනය පෞද්ගලීකරණයට ලක්විය. එම අවස්ථාවේ දී ප්‍රාදේශීය වැවිලි සමාගම් (අර්‍ථඛ්-අඥඨඪධදචත ර්‍ථතචදබචබඪධද ඛ්ධථනචදර) ඇති විය. මේ අයුරින් සමාගම් 23ක් යටතට වැවිලි පාලනය පත්වෙද් දී, රජයේ කාර්යභාරය ගෝල්ඩන් කොටස්කරු (ට්ධතඤඥද ඉඩචපඥ ඩ්ධතඤඥප) යනුවෙන් ඉඩම් අයිතිය පමණක් තබාගෙන බද්ධ ලෙසින් ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට පාලනය භාර දෙන ලදී.

මෙහි දී පරිපාලනය කටයුතුවල දී රැකියා පරිපාලනය පමණක් නොව සමාජ පරිපාලනය ද ඔවුන්ට භාර දෙන ලදී. එබැවින් 1992 වර්ෂයේදීත් වැවිලි පාලනය පෞද්ගලික අංශවලට භාරදීමට එකඟත්වය පළකළ දේශපාලන වෘත්තිය සමිති නායකයන් ද සමාජ පරිපාලන කටයුතු රජය විසින් භාරගත යුතු ය යන ඉල්ලීම ඉදිරිපත් නොකළේය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟින් වතුකර ජනතාවගේ සමාජ, පරිපාලන කටයුතු සිදුකිරීමට වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය (ර්‍ථඩ්ච්ඊ – ර්‍ථතචදචබචබඪධද ඩ්භථචද ච්ඥමඥතධනථඥදබ ඊපභඵබ) ස්ථාපිත කරන ලදී. මෙය 1987 වර්ෂයේ 17 වැනි සමාගම් පනත යටතේ ස්ථාපිත විය. මෙයේ අධ්‍යක්ෂවරුන් ලෙස වැවිලි සමාගම්වල නියෝජිතයන් පත්වූ අතර, එයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සියල්ල එම වැවිලි සමාගම් විසින්ම සපයා ගත යුතු බව තීරණය විය. එයින් පැහැදිලි වන්නේ මේ ජනතාවගේ සමාජ පරිපාලන වගකීම් ද එම සමාගම් විසින් ම භාරගත යුතුය යන්නය. එබැවින් වැවිලි කම්කරුවන්ගේ ආදායමෙන් එක් කොටසක් මේ භාරයට සියලු සමාගම් විසින් ගෙවිය යුතුයි. එම භාරකාරය මගින් වැවිලි ජනතාවගේ සුභසාධන කටයුතු එම සමාගම් විසින්ම ඉටුකළ යුතුය යන්න රජයේ ස්ථාවරය විය. එම භාරයේ ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා භාණ්ඩාගාරයේ නියෝජිතයකු අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් සාමාජිකයෙක් වශයෙන් පත්කළ රජය තම වගකීම එතනින් හමාර කළේය. ඒ සමඟම ඒකාබද්ධ එකඟතා ක්‍රමය ද ක්‍රියාවට නැංවූ අතර, එම ඒකාබද්ධ ගිවිසුම්වල අත්සන් කිරීම වෘත්තිය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ද කම්කරුවන් වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ විය. එබැන් 1992 සිට මේ භාරය යටතේ වැවිලි ජනතාවගේ සංවර්ධන කටයුතු සිදුවිය.

අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම

1996 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති පදවියට පත්වූ කාලයේ ප්‍රථම වරට වැවිලි යටිතල පහසුකම් අමාත්‍යාංශයක් බිහි විය. ඉන් පසුව වැවිලි ජනතාව කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු විය. මේ අමාත්‍යාංශය බිහිවූ පසු ඒ යටතේ කිසිදු ආයතනයක් ක්‍රියාත්මක නොවිනි. කෙටි කලක් නිවාස සංවර්ධන අධිකාරියේ එක් කොටසක් මේ අමාත්‍යාංශය යටතේ පැවතිමුත් එය දිගු කලක් ක්‍රියාත්මක නොවීය. එබැවින් වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය මේ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ කෙරිණි. අමාත්‍යාංශ යටතට පත්වූ භාරය තම මූල්‍ය දායකත්වය අඩු කර, රජයේ මූල්‍ය යටතේ ක්‍රියාත්මක කිරීමේ ආයතතනයක් බවට පත් කෙරිණි. නව ගම්මාන ඇති කිරීමේ අමාත්‍යාංශයට කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි අධිකාරියක අවශ්‍යතාව ඇති වන්නේ මේ පසුබිම තුළයි.‍ එම පසුබිම මනාව හඳුනාත් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා වැවිලි ප්‍රජාව සඳහා ම වූ මේ නව අධිකාරිය පිහිටුවීම සඳහා කැපවී කටයුතු කරන ලදී.

වැවිලි කාලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය

වතුකර ජනතාවට උදෙසා සම්මත වී ඇති මේ පනතට අනුව එම අධිකාරියේ නම කඳුරට ප්‍රදේශයේ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය යනුවෙන් සඳහන් වී ඇත. නමුත් පොදුවේ මෙය කඳුරට සංවර්ධන අධිකාරිය යනුවෙන් සඳහන් වේ. නමුත් මේ රටේ ජනගහණ සංගණනයේ දී ඉන්දියානු දෙමළ යනුවෙන් සඳහන් වන කඳුරට දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශය කඳුරට යනුවෙන් තමන් විසින්ම ප්‍රකාශයට පත්කරගෙන ඇත. තමන් ජීවත්වන ප්‍රදේශය කඳුරට යනුවෙනුත්, තමන්ව කඳුරට දෙමළ යනුවෙනුත් දිගින් දිගටම ඔවුන් භාවිත කරගෙන ආ නමුත් නීත්‍යා නුකුලව එය තවමත් ප්‍රකාශයට පත් වී නැත. කඳුරට දෙමළ වෙනුවට ඉන්දියානු දෙමළ යන වචනය භාවිත කරයි. තවද කඳුරට යන වචනය කඳුරට ජනතාවට තමන් ජීවත්වන පහත් බිම් ප්‍රදේශය ද සඳහන් වන අතර, සිංහල ජනතාව උඩරට හෝ කඳුරට යන වචනය හරහා නුවර ආශි‍්‍රත ප්‍රදේශය කඳුරට යනු අනන්‍යතා උරුමය භාවිත කරයි.

එබැවින් මේ අවස්ථාවේ කඳුරට අධිකාරිය යනුවෙන් සෘජුව ම සඳහන් කරමින් මෙවැනි අවුල්වලට ගොදුරු නොවන ලෙස නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික පරිපාලන යාන්ත්‍රණයේ සිට නිදහස් කර ඇති වැවිලි ප්‍රදේශය ජාතික පරිපාලන යාන්ත්‍රණය තුළට ගෙන ඒමේ අරමුණින් කඳුරට යන වචනය නීත්‍යනුකුලව ඇතුළත් කිරීමෙන් ඇති වන ගැටලුවලට බැහැරව ගොස් අවශ්‍ය වැවිලි ප්‍රදේශයේ සංවර්ධනය යන ආකාරයේ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය යනුවෙන් නම් කරනු ලැබීය.

නමුත් කඳුරට දෙමළ ජනතාව මෙය තමන්ගේ කැමැත්ත පරිදි කඳුරට සංවර්ධන අධිකාරිය යනුවෙන් භාවිත කිරීම වරදක් නොවේ. එය ආඩම්බරය යි.

මේ අතර, වැවිලි ප්‍රදේශය යනු මොනවා ද? යන්න පිළිබඳ නීති අර්ථ (ධ්දබඥපනපඥබචබඪධද) මෙසේ සදහන් වී ඇත. ඒ අනුව, වැවිලි ප්‍රදේශ යනුවෙන් තේ, රබර්, පොල් හා ෆාම් ඔයිල් වගා කරන වතුවල පදිංචි කම්කරුවන් ජීවත් වන මධ්‍යම, ඌව, සබරගමුව, දකුණ, බස්නාහිර, උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ ඇතුළත් වන භූමි ප්‍රදේශය යන්න පනතේ පැහැදිලිව සඳහන් වී ඇත.

මේ අර්ථදැක්වීම් අනුව මධ්‍යම පළාතේ නුවරඑළිය, නුවර හා මාතලේ දිස්ත්‍රික්ක, ඌව පළාතේ බදුල්ල හා මොනරාගල, සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල, දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර හා ගම්පහ, උතුරු මැද පළාතේ පොළොන්නරුව, වයඹ පළාතේ පුත්තලම හා කුරුණැගල දිස්ත්‍රික්ක16ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැවිලි ප්‍රදේශ (ඉහත සදහන් කර ඇති) පනතට ඇතුළත් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ අධිකාරිය මඟින් සේවාව ලබා ගත හැකිය.

මෙමඟින් කඳුරට යන්නෙන් නුවරඑළි දිස්ත්‍රි‍ක්කය පමණක්ය නියෝජනය වනවා යන්න පිළිබිඹු වන දේශපාලන කතාවන්වලට තිත තබා ඇත. කඳුරට යනුවෙන් කඳුරට දෙමළ ජනතාව හිතන ප්‍රදේශවලට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ගෙන ඒමට මේ අධිකාරි පනත ඉඩ සලස්වා ඇත.

වැවිලි සමාගම් හා ඔවුන් විසින් ඒකාබද්ධ කර ඇති කර තිබූ වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය සතුව තිබූ වැවිලි සමාජය (ර්‍ථතචදබචබඪධද ඛ්ධථථභදඪබර) එයින් නිදහස් කිරීමේ වැදගත් ක්‍රියාකාරකම් මේ පනත මඟින් ඇති කර තිබේ.

මෙහි වැවිලි සමාගම් යනුවෙන් සඳහන් වන්නේ මොනවා දැයි පනතින් අර්ථ දක්වා ඇත. ඒ අනුව වැවිලි සමාගම් සඳහා ලබා දී ඇති යම් කාලයක් වෙනුවෙන් හඳුනාගත් තේ, රබර්, පොල් වතුවල කළමනාකරණය කිරීමට 1987 වර්ෂයේ අංක 23 දරණ පොදු සංස්ථා හෝ රජයට අයත් වෘත්තීය ව්‍යවසායකත්වය පොදු සමාගම් ලෙස වෙනස් කිරීමේ පනතේ 2 වැනි වගන්තිය පරිදි හා 2007 වසරේ අංක 7 දරණ පනත මඟින් ඉවත් කර ඒකාබද්ධ සහතික මඟින් ඇති කරගත් හා ජනතා වැවිලි සංවර්ධන මණ්ඩලය හෝ රාජ්‍ය වැවිලි සමාගම් සමග දිගුකාලීන බදු ගිව්සුම් අස්සන් කරගත් වැවිලි සමාගම් යනුවෙන් අර්ථ දක්වන බව පැවැසේ.

මේ අනුව වැවිලි ප්‍රදේශ සමාගම් යන නමින් ද, ජනතා වැවිලි සංවරධන මණ්ඩල (ජනවසම), රාජ්‍ය වැවිලි සමාගම් (එස්.පී.සී) යන නමින් ක්‍රියාත්මක වන වැවිලි ප්‍රදේශවල මේ අධිකාරිය සිය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.

වතු යනුවෙන් 10ට වැඩි ලියාපදිංචි කම්කරුවන් (අඥඨඪඵබඥපඥඤ එධපඬඥපඵ) හා අක්කර 20 ට වැඩි භුමි ප්‍රදේශවල තේ, රබර්, පොල් හා ෆාම් ඔයිල් වගා කරන ප්‍රදේශ යි යනුවෙන් අර්ථ දක්වා ඇත. එනිසා වත්තක් යන නාමයෙන් ක්‍රියාකරන ඉහත අර්ථය තුළට ඇති ජනතාවට අධිකාරි පනත යටතේ තම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

වැවිලි සමාජය යනුවෙන් වතුවල ජීවත් වන කම්කරුවන් හා කම්කරුවන් නොවන අයත් හිමි නීත්‍යනුකුල ජීවත් වන්නෝ යනුවෙන් අර්ථ දක්වයි. වතුවල ජීවත් වන ජනතාවට දිගින් දිගට ම මාධ්‍යවල අසන ප්‍රශ්නවලට මේ නීති අර්ථය ඉතා වැදගත් පැහැදිලි කිරීමක් කරයි. වතුවල ජීවත් වන කම්කරුවන්ට පමණයි මෙවැනි අධිකාරියක හෝ අමාත්‍යාංශවල සේවය කරන්න පුළුවන් ද? යන ප්‍රශ්නය යළිත් ඇසීමට අවශ්‍ය නැත. නමුත් වතු සමාගම් දැනට වතුවල සේවය කරන කම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දී සංවර්ධන කටයුතු කිරීමත්, ණය පහසුකම් යටතේ යම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකොට එම ණය අයකර ගැනීමේ අරමුණින් කම්කරුවන් තෝරාගැනීමත් දැනට තිබෙන ක්‍රමය යි. නමුත් වතුවල කම්කරුවන් නොවන අය එම වතුවල සංවර්ධන ක්‍රියාකාරකම් ලබාගැනීමට සුදුසුකම් නොලබයි යන තත්ත්වය මේ පනත හරහා වෙනස් කර, ඒ අයටත් මේ අධිකාරිය හරහා සංවර්ධන අයිතිය ලබදීම ඉතා හොඳ වෙනසක් ය.

සංවර්ධන වැඩසටහන් යනුවෙන් අදහස් කරන්නේ එම වත්තේ රජය හෝ පෞද්ගලික අංශයෙන් කි‍්‍රයාත්මක කරන ආදායම්, රැකියා අවස්ථා ලබා දීමට හැකි පරිසරය, සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සංවර්ධන කාර්යන් ය. එබැවින් සංවර්ධනය යනු නිවාස යටිතල පහසුකම් පමණක් නොවේ. එම සමාජය සමාජ ආර්ථික වශයෙන් දියුණු කළ හැකි ඕනෑම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අධිකාරියට පනත ඉඩ සලස්වයි.

පනත නමින් සඳහන් කරන නව ගම්මාන යනු වතුවල ඇති ලයින් කාමර නිවාස ක්‍රමය තනි නිවාස හා යටිතල පහසුකම් සමඟ වෙනස් කිරීමෙන් ඇති කරන ගම්මානය යි. එමනිසා කඳුරට නව ගම්මාන අමාත්‍යාංශය ඇති කිරීමේ අරමුණු මේ පනත හරහා ඉටු වේ. ලයින් කාමර නිවාස වෙනුවට තනි නිවාස යනු දේශපාලන සංකල්පය මත නීතිමය තත්ත්වයක් හිමි වේ. දේශපාලන කාලය වෙනස් වුවත්, ආණ්ඩුව මාරු වුණත් මේ පනත නිසියාකාරව ක්‍රියාත්මක කර සේවය කිරීමට ඉදිරිපත් වන ඕනෑම කෙනකුට මේ රටේ ලබා දී තිබෙන ලයින් කාමර ජීවිතයට තිත තැබිය හැකිය.

වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරියේ බලතල

වතුකර ප්‍රදේශ සඳහා ස්ථාපිත කර ඇති වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීමට තිබූ පසුබිම හා එම අරමුණු පසුගිය කලාපයේ දී දක්වා ඇත.

අධිකාරියට පැවැරී ඇති බලතල

1.අධිකාරියේ ක්‍රියාකාරකම් හා වගකීම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමටත්, ඉටුකිරීමටත් රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, පොදු සංස්ථා හෝ වෙනත් කිසියම් පෞද්ගලික හෝ පොදු ආයතන සමඟ ගිව්සුම් ඇති කරගැනීම.

ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින පුද්ගලයන් හෝ කණ්ඩායමකින් මූල්‍ය හා වෙනත් ආකාරයේ සහනාධාර හෝ පරිත්‍යාග ලබා ගත හැකිය. මේ පනත යටතේ ඇති ක්‍රියාකාරකම් ඉටුකිරීමට එය භාවිත කළ හැකිය. විදේශ ආධාර හා පරිත්‍යාග සම්බන්ධයෙන් භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක විදේශ මූල්‍ය සම්පත් භාවිතය හා පරිහරනයේ දී දෙපාර්තමේන්තුවේ (ඡ්අච් – ඡ්යබඥපදචත අඥඵධභපජඥ ච්ඥනචපබථඥදබ) ලිඛිත අනුමැතිය ලබාගත යුතු වේ.

අධිකාරිය විසින් ඕනෑම රාජ්‍ය බැංකුවක ස්ථාවර හා ඉතිරි කිරීම් ගිණුම ආරම්භ කර පවත්වා ගත හැකියි.
අධිකාරිය විසින් යෝග්‍ය යෑයි ලෙස සිතන ආකාරයේ අධිකාරියේ අරමුණු වෙනුවෙන් හදිසියේ අවශ්‍ය නොවන කිසියම් මුදලක් රාජ්‍ය බැංකුවක හෝ රාජ්‍ය මූල්‍ය ආයතයක ආයෝජනය කළ හැකිය.
අධිකාරියේ අරමුණු වෙනුවෙන් කිසියම් චංචල හා නිශ්චල දේපළ මිල දී ගැනීම, විකිණීම්, බද්දට දීම හෝ උකස් කිරීමට හැකිය.
අධිකාරියේ ක්‍රියාකාරකම්

අමාත්‍යවරයාගේ උපදෙසින් වතුකර ප්‍රදේශයේ නව ගම්මානවල සංවර්ධනය සඳහා රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.
අධිකාරියේ ඉලක්කයන් ඉටු කරගැනීම සඳහා වතුකර ප්‍රදේශවල වෙනත් දේශීය, පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාකාරීන් සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීම.
නව ගම්මානවල සංවර්ධනය සඳහා රජයේ සංවර්ධන වැඩසටහන් වතුකරයේ ක්‍රියාත්මක කිරීමට සිවිල් සමාජ සංවිධානවල සහභාගීත්වය තහවුරු කිරීම.
වතුකර ප්‍රදේශවල ඇති වතුවල ජීවත් වන නීත්‍යනුකුල පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවාසවලට හා දේපළවලට අයිතිය ලබා දීමට අවශ්‍ය පහසුකම් ලබා දීම.
වතුකර ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා තෘතියික අධ්‍යාපන (ඊඥපබඪචපර ඡ්ඤභජචබඪධද) හා උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමට සහාය වීම.

වතුකර ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයීම පහසු කිරීමට පළාත් අමාත්‍යවරුන්, වෙනත් විෂයභාර අමාත්‍යාංශවල ප්‍රාදේශීය කාර්යාල සමඟ ක්‍රියා කිරීම.
වතුකර ප්‍රදේශවල ජීවත් වන අය සඳහා වතුකර සමාජයට විකල්ප ජීවනෝපාය අවස්ථාවන් වර්ධනය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම හා අමද්‍රව්‍ය ලබා දීම.
කාන්තාවන්, ළමයින්, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු වතුකරයේ විවිධ සමාජ කණ්ඩායම්වලට ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කරගැනීමට සහාය වීම.

වතුකරයේ ජීවත් වන නීත්‍යනුකුල පදිංචිකරුවන්ටත්, ඔවුන්ගෙන් පැවත එන්නන්ටත් එහි ලැබිය හැකි සියලු පහසුකම් අවස්ථා ලැබීමට සහාය වීම.
ඉඩම්, ජල සම්පත් හා භෞතික සම්පත්වලට හානි ඇති වීම අවම කිරීමටත්, පරිසරය ආරක්ෂා කිරීම ආදි දේ අරමුණු කරගත් ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල උපදෙස් පරිදි ස්වභාවික ආපදා ඇති විය හැකි ස්ථාන හඳුනාගැනීම හා එම ස්ථාන විකල්ප අවශ්‍යතා සඳහා භාවිත කරීම තුළින් එම ප්‍රදේශවල නීත්‍යනුකුල පදිංචිවීම්වලින් ආරක්ෂා කිරීම.

වැවිලි ප්‍රදේශවලට අවශ්‍ය තරමට සමාජ සේවාවන් ඉටු වීම හා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම සහතික කිරීම.