ජනවාරි 15 සඳුදා පුද්ගලික අංශයට නිවාඩුයි. බැංකු, කොටස් වෙළෙඳපොළත් වහලා

    January, 13, 2018

    එළඹෙන සඳුදා දිනය (15) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන කරුණකි. කෙසේ වෙතත් 2017 ජනවාරි 15 සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ.

    එහෙත් දෙමළ තෛපොන්ගල් දිනය ඉරිදා (14) යෙදී තිබීම හේතුවෙන් ඒ වෙනුවෙන් නිවාඩු දිනයක් සතියේ දිනයක දී ලබා ගත හැකි ද යන්න පිළිබඳව බොහෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි නියුතු දෙනා විමසිලිමත් වී තිබේ.

    කෙසේ වෙතත් සඳුදා (15) දිනය බැංකු හා කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් කලින්ම ප්‍රකාශයට පත් වී තිබුණි.

    සේවක නිවාඩු සම්බන්ධයෙන් බලපත්වන ප්‍රධනතම නීතිමය අණපනත් දෙක වනුයේ සාප්පු හා කාර්යාල සේවක පනත හා පඩිපාලක සභා ආඥා පනතයි.

    ඊට අනුව වර්ෂයක් තුළ විශේෂ වෙළෙඳ නිවාඩු 08 කට පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිමිකම් කියනු ලැබේ. එනම්,

    • දෙමළ තෛපොන්ගල් දිනය
    • ජාතික නිදහස් දිනය
    • මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
    • සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය‍
    • සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය
    • මැයි 01 දින කම්කරු දිනය
    • වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
    • නත්තල් දිනය

    මෙම නිවාඩු දින හැඳින්වෙන්නේ ව්‍යවස්ථාපිත නිවාඩු දින ලෙසිනි. මේවා රජය විසින් පුද්ගලික අංශයේ සේවය කරනු ලබන්නා වූ සේවකයින් හට වැටුප් සහිතව ලබා දී ඇති නිවාඩු වර්ගයකි.

    ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩු දිනයක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක එම නිවාඩුව ලබා දිය යුතු බව නීතියෙහි සඳහන් වේ.

    ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩුවක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක් යෙදෙන දිනක යෙදුනහොත් එකී දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු වන අතර ඒ හරහා අහිමි වන සති නිවාඩු දිනය හෝ අර්ථ නිවාඩු දිනය එකී සතිය තුළ දී හෝ ඉන්පසු එළඹෙන සතිය තුළ දී ලබා ගැනීමට සේවායෝජකයන් විසින් ඉඩ සැලසිය යුතුවේ.

    මේ අනුව පුද්ගලික අංශයට ජනවාරි 15 සඳුදා දිනය නිවාඩු දිනයක් වනු ඇත.