ජල බෝතලේට නීති දැඩි වෙයි. නල ලිං නියාමනයටත් පියවර

    March, 21, 2017

    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසාගේ අත්සනින් යුතුව 2017 මාර්තු 16 දාතමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.

    මෙම ගැසට් පත්‍රයට අනුව නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන අතර ස්වාභාවික ජල උල්පතක් හෝ ගැඹුරු හෝ නොගැඹුරු භූගත ජලය භාවිතා කරමින් සිදුකරනු ලබන ව්‍යාපෘතීන් සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය සඳහා ඉදිරිපත් කළ යුතු බවටත් ජල සම්පත් මණ්ඩලය විසින් දෙනු ලබන නියමයන්ට අනුකූලව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් අවධාරණය කර ඇත.

    තවද නල ලිං ඉදිකිරීමේ නියැලෙන සියලු ආයතන ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බවට නියෝගයක් ද මෙමඟින් පනවා තිබේ.

    මේ අතර ජලය බෝතල් කිරීමේ කර්මාන්තයෙහි, බීම නිෂ්පාදනයෙහි නිරත පුද්ගලයින් හෝ ආයතන, සිය නිෂ්පාදන කටයුතු සඳහා ස්වභාවික ජල උල්පතක් හෝ භූගත ජලය සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නේ නම් එකී ජල මූලාශ්‍රයේ ජල නියැදියක් සෑම මාස 06කට වරක් රජයේ පිළිගත් රසායනාගාරයක් මගින් සිදුකර අදාළ විශ්ලේෂණ වාර්තාව අනුමැතිය සඳහා ජල සම්පත් මණ්ඩලය වෙත යොමු කිරීම මෛම ගැසට් නිවේදනයෙන් අනිවාර්යය කර ති‍බේ.

    මෙම සම්පූර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රය පහත දැක්වේ.