ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය හෙට

    March, 14, 2018

    ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 වැනිදා ට (හෙට) යෙදී තිබේ.

    මෙම දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරති. 2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ "සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු" (Making Digital Market Place Fairer) යන්නයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්‍ෂේත්‍රය තුළ සාක්‍ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැළපෙන ආකාරයට වෙළෙඳපොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර ගැනීමට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අපි තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා "ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය" නිමිත්තෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.