ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමට පියවර

    July, 24, 2020

    කොවිඩ් - 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය සහ ඒවාට අනුබද්ධිත ආයතන විධිමත්ව හා කාර්යක්ෂමව කටයුතු කළ යුතු වේ. එහෙත්, එකී රාජ්‍ය බැංකු පිහිටුවීමේ මුල් අරමුණුවලින් බැහැරව සහ අදාළ පනත්වල විධිවිධාන හා කාර්යපටිපාටි උල්ලංඝනය කරමින් පසුගිය කාලසීමාව තුළ කටයුතු කර ඇති බව පෙනී ගොස් ඇත.
    එවැනි අවස්ථාවන් හඳුනාගෙන නැවත ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවන අයුරින් නෛතික හා පරිපාලනමය පියවරයන් නිර්දේශ කිරීම පිණිස හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.