ජැක් සහ හෝස් මැකරල් මසුන් ආනයනයේ දී අය කළ වෙළෙඳ භාණ්ඩ බදු පහළට

    August, 26, 2020

    ධීවර අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය ටින් මාළු නිෂ්පාදන කර්මාන්තකරුවන් එම අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව ආනයනය කරනු ලබන ජැක් සහ හෝස් මැකරල් (Jack and horse mackerel) මසුන් සඳහා අදාළ වන 10% හෝ කිලෝග්‍රෑමයකට රු. 150ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන්, කිලෝග්‍රෑමයකට රු. 6ක් අයකරගෙන ඉතිරි ප්‍රමාණය අත්හරිනු ලැබිය යුතු බවට මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් නිවේදනය කර සිටී.

    මෙම නියමය 2020 අගෝස්තු මස 22 වැනි දින සිට ආරම්භ වන මාස 03ක් දක්වා වූ කාල සීමාවක් සඳහා වලංගුව පැවතිය යුතු බවට අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.