ජීඑස්පී ප්ලස් සහනය ඉක්මනින්ම ලැබෙන්නේ ධීවර කර්මාන්තයට

GSP plus

“ජීඑස්පී ප්ලස් සහනය සිකුරාදා ලැබුණාම, සෙනසුරාදා සිට යුරෝපයට අපනයනය කරන භාණ්ඩ, ඇඟළුම්, රබර් ආශ්‍රිත, මත්ස්‍ය, සපත්තු, කෑමබීම සියල්ලක්ම අපේ ප්‍රධාන ගැනුම්කරුවාගේ වෙළෙඳපොළට තීරුබදු රහිතව ඇතුල් කරන්න අවස්ථාව ලැබෙනවා“, යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවසීය.

“දැනට ඇඟළුම් යවන්නේ සියයට 9.6 – 10 ක බද්දකට යටත්ව, මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, ටූනා
මුළු මත්ස්‍ය අපනයන මේ වන විට සියයට 50 කට වඩා වර්ධනය වෙලා. අද අපි පොකිරිස්සෙක්, ඉස්සෙක් ජර්මනියට ඇරියොත් සියයට 18 ක් දක්වා බද්දක් ගෙවනවා. සෙනසුරාදා ඉඳලා මේක බිංදුවට බහිනවා. ජීඑස්පී ප්ලස් සහනය ලැබීමේ වාසිය ඉක්මනින්ම ලැබෙන්නේ ධීවර කර්මාන්තයට. මේ නිසා ධීවර කර්මාන්තයට තවදුරටත් ආයෝජන ලැබේවි.“

“පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට මේ වන විට සියයට 14 ක බද්දක් ගහනවා. එය බිංදුව වෙනවා.
සපත්තු, පාවහන් නිෂ්පාදකයින්ට කිසිදු බද්දක් නැතිව යුරෝපයට සිය නිෂ්පාදිත අපනයනය කරන්න මෙමඟින් අවස්ථාව ලැබෙනවා.“