ජෝන් කීල්ස් පදනම “රැකියා සඳහා ඉදිරි පියවර” – මෘදු කුසලතා වැඩමුළුව සහ වෘත්තීය සල්පිළ දියත් කරයි

June, 6, 2019

“ව්‍යාපාර​ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සමඟ වැදගත්අවස්ථාවකට සහභාගි වී, සෑම සේවකයෙකුට ම ස්වකීය වෘත්තීයෙහිමූලික මට්ටම සඳහා අවශ්‍ය මෘදු කුසලතාවයන් අපි ලබා ගත්තා. මෙම වැඩසටහන සඳහා සහභාගිවීමට මම ගාල්ලේ සිට පැමිණ අතර, එය වැදගත් අධ්‍යයන අත්දැකීමක් වුණා”යනුවෙන් විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින් සඳහා වූ ජෝන් කීල්ස් පදනමෙහි නවතම ‘Step Up to Careers’ මෘදු කුසලතා වැඩසටහනට සහභාගී වූ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ප්‍රබෝධ් බෙන්තොටගේ මහතා පැවසීය.

ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනය වන ජෝන් කීල්ස් පදනම විසින් එහි අධ්‍යාපන කේන්ද්‍රීය ක්ෂේත්‍රය යටතේ "රැකියා සඳහා ඉදිරි පියවර" (Step Up to Careers) ආරම්භ කරන ලදී. එය පසුගිය අවුරුදු 14 පුරා 5000කට අධික සරසවි සිසුන්ට ප්‍රතිලාභ හිමිකර දෙමින් දේශීය විශ්ව විද්‍යාලවල පවත්වන ලද ජනප්‍රිය මෘදු කුසලතා  වැඩමුළු මාලාව වන'අවසාන පියවරෙහි ව්‍යප්තියකි. “රැකියා සඳහා ඉදිරි පියවර"යනු රාජ්‍ය අංශයේ හා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමේ අරමුණින් මණ්ඩල සාකච්ඡාවක්, පුහුණු වැඩමුළු සහ වෘත්තිමය සල්පිළකින් සමන්විත එක් දින වැඩසටහනකි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග ඒකාබද්ධව තරුණ සංවිධාන AISEC, ‘රොටාරැක්ට්’සහ ‘ලියෝ’සමිතිවල​ සහයෝගය ඇතිව පවත්වන ලද සමාරම්භක වැඩසටහන, 2019 ජූනි මස 1 වන දින ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර, විශ්ව විද්‍යාල 27 ක් නියෝජනය කරමින්  සිසුන් 113 ක් සහභාගි වූහ.

රැස්ව සිටි පිරිස අමතමින්ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය මෙසේ පැවසීය,“මෙම වැඩසටහන ‘ඉදිරි පියවර’ යනුවෙන් හැඳින්වෙන්නේඅධ්‍යාපනයෙන්  ඔබ්බට ගොස් ‘සැබෑ’ ලෝකයට පියවර තැබීමටඔබට පහසුකම් සපයන බැවිණි.ජයග්‍රාහී පෞරුෂත්වයක් වර්ධනය කිරීම, ඔබේ නායකත්වය සහ කණ්ඩායම් කුසලතා, දැක්ම, ඉලක්ක සැකසීම, ගැටළු විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ නිවැරදි ආකල්ප සහ වටිනාකම් පිළිබඳ අවබෝධය සඳහා අවශ්‍ය මෙවලම් වලින් ඔබව පරිපූර්ණ කිරීම සඳහා එය සැලසුම් කර ඇත.මෙම වැඩසටහන අවසානයේ ඔබ

ඔබේ වෘත්තීය තුළ පමණක් නොව ඔබේ මුළු ජීවිතය පුරාම සාර්ථකත්වය සොයා ගැනීමටඔබේ ප්‍රායෝගික කුසලතාවයන් වැඩි දියුණු කරගනුඇත යන්න අපගේ බලාපොරොත්තුවයි.”

කුසලතා, නිපුණතා,ආකල්ප සහ වටිනාකම් ඇතුළුව උපාධිධාරී සේවකයෙකු සම්බන්ධයෙන් සේවාදායකයින්ගේ අපේක්ෂාවන් ආවරණය කෙරෙන මණ්ඩල සාකච්ඡාවකින් මෙම වැඩමුළුව ආරම්භ විය.  මණ්ඩල සාමාජිකයින් -ජෝන්කීල්ස්සමූහ මානව සම්පත්, තිරසර, ආයතනික සමාජ වගකීම්හි,නීති සහ ලේඛන කටයුතුප්‍රධානීඩිලානි අලගරත්නම්; සිනමන් හොටෙල්ස් සහ රිසෝර්ට්ස් සන්නාම අළෙවිකරණ ප්‍රධානීසහ සිනමන් ලයිෆ් මෝල්හි ප්‍රධාන විධායක නිලධාරි  දිලීප් මුදදෙණිය; අබාන්ස් ප්‍රධාන විධායක නිලධාරි ශ්‍රියාන් ඩී.එස් .විජේරත්න; ෆිල්ම් අයිලන්ඩ් හි අධ්‍යක්ෂ සන්ධ්‍යා සල්ගාදු; ‘ජෝන් කීල්ස් X’(නවව්‍යාපාරදිරිගැන්වීමේCorporate Startup Accelerator)ප්‍රධානීවිශාන්ත් විජේසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ අතරමානව සම්පත්, හෝටල් සහ සංචාරක කටයුතු, සිල්ලර, මෘදුකාංග සහ විදුලි සංදේශ ජන සන්නිවේදනය, දේපළ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය යන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජෝන් කීල්ස් සමූහයේ දේපළ අංශධානීනයන මාවිල්මඩ මහතා ආරම්භක දේශනය පැවැත්වීය.

වැඩ සටහන පිළිබඳව අදහස් දක්වමින් මණ්ඩල සාමාජික සන්ධ්‍යා සල්ගාදු මහත්මිය "මෙවන් ආකාරයේ වැඩපිළිවෙළක් තුළින් වැඩි වැඩියෙන් ජනතාවප්‍රතිලාභ ලබනවා, උපාධි අපේක්ෂකයින් ලෙස අපේ කාලය තුළ අපට ඇත්තෙන්ම මේ අවස්ථාව හිමි වුණේ නැහැ, මම හිතනවාමෙම වැඩසටහන ප්‍රයෝජනයට ගැනීම යනු හිමි වූ වැදගත් අවස්ථාවක් ,මෙවන් වැඩ සටහන් සඳහා වැඩි වැඩියෙන් පැමිණ වැඩ්පුර යමක් ඉගෙනගන්න" යනුවෙන් පැවසීය.

පෞරුෂය හා විශ්වාසය වර්ධනය කිරීම, රැකියා ස්ථානයට පිවිසීම හා සාර්ථකත්වය ලැබීම, පෞද්ගලික සූදානම සහ සමාජ ආචාරධර්මමෙන්ම ජීව දත්ත පත්‍රිකාලිවීම සහ සම්මුඛ සාකච්ඡා කුසලතා වැනි මාතෘකා පිළිබඳ වෘත්තීය පුහුණුකරුවන් විසින් පවත්වන ලද අන්තර් ක්‍රියාකාරී වැඩමුළු ඉන් අනතුරුව පවත්වන ලදී.

රැකියා සල්පිළකින් මෙම වැඩමුළුව අවසන් වූ අතර,මෙහිදී ජෝන් කීල්ස් සමූහයේ ව්‍යාපාරඅංශ හත නියෝජනය කරමින් ජෝන් කීල්ස් සමාගම් 17ක මානව සම්පත් සේවක මණ්ඩල සමඟ සබඳතා ගොඩ නඟා ගැනීමට සිසුන්ට හැකියාව ලැබුණි.

මෙම වැඩසහටන  තුළින් සිසුන්ගේ අනාගත රැකියා ගමන් මග පිළිබඳව වඩාත් ගැඹුරින් සිතා බැලීමට සහ ඒ වෙත පිවිසීමට ඔවුන් විසින් සිදුකළ යුතු දේ ආවර්ජනය කිරීමටත් බහුවිධ කර්මාන්ත සහ ව්‍යාපාරවල වර්තමාන ප්‍රවේශනයන්  සහ අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබිණ.

ජෝන් කීල්ස් පදනම යනු “බලගන්වමු දේශය හෙට දිනට”යනදැක්ම​අරමුණු කරගත් අධ්‍යාපන, සෞඛ්‍යය, ජීවනෝපාය සංවර්ධනය, කලාව සහ සංස්කෘතිය, පරිසරය සහ ආපදා සහන යන අංශයන් හය කේන්ද්‍රෙකාටගෙන ක්‍රියාත්මක වන ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ආයතනයයි.