ඩෙලෝ වෙතින් ශ්‍රී ලංකාවේදී වාර්තාවක්! එක් තෙල් මාරුවකින්  කි.මී. 30,000ක්

    December, 8, 2021

    වර්ෂ 1992 පටන් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම (Chevron Lubricants Lanka PLC), නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ  (Delo)  ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක* අති විශාල ධාවන දුර ප්‍රමාණයක් ළඟාකරගැනීමට සමත්ව තිබේ. මෙම දැවැන්ත වාසියට අමතරව අධි බල ඩීසල් එන්ජින් වාහන හිමියන්ට තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවේ.

    කීර්තිමත් භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතන වන Freight Link සහ Auto Ezone සම්බන්ධ කරගනිමින් 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මෙම පර්යේෂණ අත්හදා බැලීම සිදුකරන ලදී. එනම්, ඩෙලෝ ලිහිසි තෙල් යෙදූ වාහන සති දෙකකට වරක් පරීක්ෂා කරමින්, එම පර්යේෂණ සාම්පල සිංගප්පූරුවේ පර්යේෂණාගාරයක් හරහා තහවුරු කරගත් අතර, එහිදී සිදු කරන ලද පරීක්ෂණ වාර දෙකකදීම එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් උදා කරගත හැකි බව පෙනීගොස් තිබේ. එන්ජින් කොටස් සඳහා ආරක්ෂාව සැලසීමේ අරමුණින්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් අතිරේක යෙදුම් පවා එක් කළ උසස්ම තත්ත්වයේ ලිහිසි තෙල් රැගත් නිෂ්පාදන මෙසේ ඩෙලෝ සන්නාමය යටතේ හඳුන්වාදී ඇති අතර, එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමේදී ISOSYN තාක්ෂණය ද භාවිත කර තිබේ. ඒ හරහා අසමසම ක්‍රියාකාරීත්වයක් සමඟ එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ, එන්ජිමට වැඩි ආරක්ෂාවක්, විශ්වාසයක්, කල්පැවැත්මක් සහ ඉතිරියක් ද එක් කරමිනි.

    මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීමත් සමඟ සියයට 17ක් දක්වා ප්‍රතිශතයකින් වාහන නඩත්තු, සේවා සහ මෙහෙයුම් පිරිවැය අවම කරගැනීමට  ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ආයතනවලට අවස්ථාව සැලසී තිබේ. විශේෂයෙන්ම රට තුළ පවතින ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලසීමාව තුළ එවැනි ඉතිරියක් හිමිවීම එම ව්‍යාපාරවලට දැවැන්ත අස්වැසිල්ලකි. තව ද භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ, ප්‍රයිම් මූවර් ආදී වාහන සඳහා නඩත්තු කාලසීමාව අඩුවීම මෙන්ම ඒවායේ එන්ජින් ධාරිතාව ඉහළ යාම නිසා වැඩි කාලයක් ප්‍රවාහන කටයුතු සඳහා යොදවමින් වැඩි ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ද භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ආයතනවලට හිමිවේ. ඊට අමතරව, වාහනවල ලිහිසි තෙල් මාරු කිරීමේ කාලසීමාව දිගුවීම පරිසරයට ද හිතකර වේ. එනම්, භාවිත කළ ලිහිසි තෙල් පරිසරයට මුදාහැරීමේ වාර ගණන අඩු කරගැනීමට ද මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීම හරහා මඟපෑදී තිබේ.

    ″අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට හොඳම නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ට තම වාහන ආරක්ෂා කරගැනීමටත්, ඒ හරහා උපරිම ප්‍රතිලාභ ලබාගැනීමටත් අවකාශ සලසා දීමට කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්කරුවන්ට ඇති ප්‍රශ්න පිළිබඳව අපි හොඳින් දැනුවත්. එනිසාම එම ගැටලු විසඳීම සඳහා අපි දැඩි ප්‍රයත්නයක් යොදා තිබෙනවා. මෙම කර්මාන්තය වෙනුවෙන් සහාය දැක්වීමට සම්පූර්ණයෙන්ම කැපවෙමින් භාණ්ඩ ප්‍රවාහන සේවා කර්මාන්තයට අංග සම්පූර්ණ විසඳුම් සම්පාදකයෙකු ලෙස ක්‍රියා කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ අඛණ්ඩ සේවා, නිසි පුහුණු අවස්ථා මෙන්ම ක්ලවුඩ් පදනම් කරගත් ලොජිස්ටික් සේවා සපයමින් එම කර්මාන්තය ඉහළට ඔසවා තැබීම අපේ අභිලාෂයයි″, යනුවෙන් ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නජාම් ෂම්සුදීන් මහතා පැවසීය.

    ඩෙලෝ නිෂ්පාදන භාවිත කිරීම මගින් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් හා ලොජිස්ටික් ව්‍යාපාරවලට ධනාත්මක ප්‍රතිලාභ රැසක් අත්විඳීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් හිමිවීම තුළින් වාහන නඩත්තු හා සේවා ආශ්‍රිත මෙහෙයුම් පිරිවැය සැළකිය යුතු ලෙස අඩුකරගත හැක. එමෙන්ම වඩාත් හොඳින් අවදානම් කළමනාකරණය කරගනිමින් ලාභ වැඩිකරගැනීමටත්, පාරිසරික බලපෑම් අවම කරගැනීමටත් මඟ පෑදේ. ලිහිසි තෙල් යෙදුම් වාර සංඛ්‍යාව අඩුවීම තුළින් වාහන සේවා සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය ද අවම වේ.

    ″වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අපගේ ව්‍යාපාර මෙහෙයුම් ආශ්‍රිත දේශීය ප්‍රජාව නඟාසිටුවීමටත් අපි කැපවී සිටිනවා. එම නිසා අපගේ ව්‍යාපාරවලට වගේම ප්‍රජාවටත් යහපත උදා කරන ආකාරයෙන් අපගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට අපි දිගටම කටයුතු කරනවා″, යනුවෙන් ෂම්සුදීන් මහතා වැඩිදුරටත් විස්තර කළේය.

    ඩෙලෝ හඳුන්වාදෙන තාක්ෂණික වැඩිදියුණු කිරීම්වල තවත් පියවරක් වශයෙන්, ඩෙලෝ නිෂ්පාදන භාවිතයෙන් ලබාගත හැකි පිරිවැය ප්‍රතිලාභය ගණනය කිරීමේ උපාංගයක් ද හඳුන්වා දී ඇත. https://chevron.lk/delo-benefit-calculator/  යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පිරිවැය ප්‍රතිලාභ ගණන පහසුකමට පිවිසිය හැක. මේ අතර, භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් හා සම්බන්ධ ඕනෑම ගැටලුවකට විසඳුම් ලබාදීමට පියවර ගන්නා, විශේෂ සහායක සේවා කණ්ඩායමක් පත්කිරීමට ද ඩෙලෝ පියවර ගෙන තිබේ. ඒ, භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් හා ලොජිස්ටික් කර්මාන්තය වෙනුවෙන්ම හඳුන්වා දුන් විශේෂ අගය එකතු කිරීමක් වශයෙනි.

    ලොව රටවල් 150කට වැඩි ප්‍රමාණයක සිය වෙළඳනාමය ව්‍යාප්ත කර ඇති ෂෙව්රොන් සමාගම දැවැන්ත පරිචයක්, ප්‍රවීණතාවක් මෙන්ම තාක්ෂණික දියුණුවක් ද අත්කරගෙන සිටියි. අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත්, ලොව දෙවැනි විශාලතම තෙල් සහ ගෑස් සමාගම වන ෂෙව්රොන් කෝපරේෂන් සමූහයට අයත් ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම, මෙරට ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා ද වේ. එවැනි ශක්තිමත් ස්ථාවරත්වයක් සහිත ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම, Caltex™ (කැල්ටෙක්ස්), Havoline® (හැවොලින්), Delo® (ඩෙලෝ) වැනි ජාත්‍යන්තර සන්නාම මෙන්ම Lanka Lubricants (ලංකා ලුබ්රිකන්ට්ස්) නම් දේශීය සන්නාමය යටතේ ද තම නිෂ්පාදන හඳුන්වා දී ඇත. මෝටර් රථ, මෝටර් සයිකල්, ඩීසල් වාහන, කර්මාන්ත ලිහිසි තෙල් ද, ඊට අමතරව වාහනවලට විශිෂ්ට කාර්යක්ෂමතාවක් සහ ක්‍රියාකාරීත්වයක් ලබාදෙන අතිරේක නිෂ්පාදන පෙළක් ද ෂෙව්රොන් වෙතින් හඳුන්වා දී තිබේ.

    අදාළ කොන්දේසි හා නියමයන් පිළිබඳ වැඩිදුර විස්තර සඳහා https://chevron.lk/delo-technology/ වෙත පිවිසෙන්න.