March, 16, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 329.02 ක් හා විකුණුම් මිල රු. 346.33 ක් ලෙසින් සටහන්ව ඇත.
මේ අතර බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 330 - 335 මට්ටමේ සහ විකුණුම් මිල රු. 345-355 මට්ටමේ තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
අද (16) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 331.00 - රු. 349.00
මහජන බැංකුව - රු. 330.32 - රු. 345.67
සම්පත් බැංකුව - රු. 335.00 - රු. 350.00
කොමර්ෂල් බැංකුව - රු. 335.00 - රු. 355.00
HNB - රු. 330.00 - රු. 345.00
සෙලාන් බැංකුව - රු. 333.00 - රු. 350.00
NDB - රු. 328.00 - රු. 346.00
අමානා බැංකුව - රු. 332.50 - රු. 347.50
Video Story