ඩොලරය තවත් උඩ යයි

    June, 11, 2024

    අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 303.03 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 303 මට්ටමට මෙලෙස පැමිණියේ 2024 මාර්තු 25 දිනෙන් පසුවය.

    දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 298.45 ක් හා විකුණුම් මිල රු. 308.00 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.