ඩොලරය රු. 173 සමීපයට පැමිණෙයි

    October, 11, 2018

    දිගින් දිගටම ශක්තිමත් වෙමින් පවතින එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිල අද (11) දිනයේ දී යළිත් වරක් ඉහළ ගියේය.

    එහිදී ඩොලරයක විකුණුම් මිල රු. 173 ආසන්නයට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 169.0186 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.9000 ක් ලෙසින් සටහන් විය.