ඩොලර් ගේන්නේ මෙහෙමයි. විදේශ විනිමය අර්බුදයට ධම්මිකගෙන් විසඳුමක්

September, 10, 2021

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස රටේ ආදායම් ලැබෙන මාර්ග සුරක්ෂිත (Securitised) කර හෙවත් ඇපයක් ලෙස තබා මුදල් ගැනීම සිදුකළ හැකි බවත්, මෙවැනි ක්‍රියාමාර්ගවලට ගොස් මුදල් ලබා ගැනීමට ආණ්ඩුවට පළපුරුද්දක් තවමත් නොමැති බවත් වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් සමූහයේ සම-සභාපති, ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ (09) TV දෙරණ ඔස්සේ විකාශය වූ 'එක්ව ජයගමු' සජීවී සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ආදායම් උත්පාදනය කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යෝජනාවලියක් ඉදිරිපත් කිරීමෙන් ද මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ඩොලර් ගැටළුව පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා,

"ඩොලර් ප්‍රශ්නයක් කියලා එකක් නැහැ. ඩොලර් ප්‍රශ්නය කියන එකේ එකම තේරුම තමයි ඩොලර් එක 203‌ ට තියා ගන්නේ කොහොමද, අනෙක් එක ඩොලර් රටට ගේන්නේ කොහොමද කියලා. රටක ණය ශ්‍රේණිය පහළට ගියාම නිකං සල්ලි දෙන එක දෙන්නේ නැහැ. ඔය දේ කම්පැනියකටත් එහෙමයි, නිකං මනුස්සයෙක් ගියත් එහෙමයි. බැංකුවකට රේටිං කරලා තියෙන කම්පැනියක් ගිහිං කිව්වොත් මගේ ලඟ තියෙන්නේ AAA කියලා, කිසි දෙයක් නැහැ, චයාර්මන්ගේ අත්සනට සල්ලි ටික දෙනවා. රේටිං එක අඩුනම් ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා කම්පැනි එකේ ගැරන්ටි ඒකක් දෙන්න කියලා. එහෙමත් නැති රේටිං තියෙනවා නම් ඊට පස්සේ අහනවා ඉඩමක් හරි මොනවා හරි තියෙනවාද මෝගේජ් කරන්න, තියලා සල්ලි දෙනවා. එතකොට නිකම් මිනිහෙක් රේටිං මුකුත් නැතුව ගියාම තමන්ගේ දේපළ උගස් තිසලා තමයි ගන්න තියෙන්නේ. එතකොට මේ බැංකු කියන ප්‍රතිපත්තිය හැමෝටම ඒකයි. ලෝකේ ඔ්නම බැංකුවක් ණය දෙනවා නම්, රටක් දිහා බැලුවා, රේටිං හොඳ නැත්නම් දැන් ඊට පස්සේ Securitised කරන්න ඔ්නේ. දැන් ඒයාර්පෝට් ඒකේ ආදායම Securitised කරලා සල්ලි ගන්න පුළුවන්. වරායේ ආදායම Securitised කරලා සල්ලි ගන්න පුළුවන්. විදේශ ප්‍රේෂණ Securitised කරලා සල්ලි ගන්න පුළුවන්. හැබැයි ඒක ගන්න කොට දිගුකාලීනව ගන්න ඔ්නේ. අද ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් රේට් ඒක, අවුරුදු 10 රේට් එක 1.3 යි. එතකොට මේවා Securitised කළොත්, 1.3ට අපිට දෙන්නේ නැහැ. අඩුම ගාණේ 3.5ට හරි ගන්න පුළුවන්. 3.5ට හරි 4.5 ට හරි ගන්න Securitised කරන්න ඔ්නේ. එතකොට තාම ආණ්ඩුවට ඒක පුරුදු නැහැ. Securitised කරලා සල්ලි අරන් පුරුදු නැහැ. ඒත‌කොට Securitised කරලා සල්ලි ටිකක් ගන්න වෙනවා."

"IMF එක අපිට හැමෝම පෙන්නලා තියෙන්නේ යකෙක් වගේනේ. ලංකාවට 16 පාරක් IMF එක දීලා තියෙනවා. ඒ රටෙන් යෝජනාවක් දෙන්නේ නැත්නම්, මෙන්න මෙහෙමයි අපි සල්ලි හදන්නේ, මේ විදියට තමයි අපි ආදායම ගන්නේ, මේ විදියට තමයි අපි පාඩු ලබන කර්මාන්තයක් ප්‍රතිව්‍යූහගතකරණය කරන්නේ කියලා ඒගොල්ලෝ දෙනවා ‌කොන්දේසි. අපි මෙච්චර කල් කළේ අපි යෝජනාවක් දෙනවා වෙනුවට අපි කළේ ඒගොල්ලන්ගේ යෝජනාව පිළිගත්තා. දැන් හොඳම උදාහරණයක් ගන්න, දැන් ඒගොල්ලෝ කියනවා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම නැති කරන්න ඔ්නේ. ඒතකොට මොකක්ද කරන්න පුළුවන්. එක්කෝ මිල වැඩි කරන්න ඔ්නේ. නැත්නම් පිරිවැය අඩු කරන්න ඔ්නේ. ඔය ප්‍රශ්නෙම ආවා 2008 දි. ඒ වෙලාවේ මම තමයි SEMA (Strategic Enterprise Management Agency) ඒකෙන් නිරීක්ෂණය කරලා IMF ඒකට යෝජනාව හැදුවේ. විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවන් මාත් එක්ක ඒකතු වෙලා ඒ යෝජනාව හැදුවේ. ඒ වෙලාවේ තමයි මෙගාවොට් 30 තියෙන ගල්අඟුරු බලාගාරය මෙගාවොට් 1,000 ක් වෙන්න ඔ්නේ කියලා තීරණය කළේ. ගල්අඟුරු තමයි ලෝකේ ලාභම බලශක්තිය."