April, 22, 2025
NDB බැංකුව පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් - වෝටර්ෆ‍්‍රන්ට් හිදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වන සංවත්සර සමුළුව සඳහා හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීමට ලැබීන පිළිබඳව ඉතා සතුටින් නිවෙදනය කර සිටියි. ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුණර්ජීවනය කිරීම සහ තිරසාර ගොඩනැංවීම සහ වර්ධනය සඳහා බැංකුකරණයේ කාර්යභාරය’’ යන තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්වීය. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ප‍්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුළු ප‍්‍රමුඛ බැංකු වෘත්තිකයන් 300 කට අධික පිරිසක් මෙම සංවත්සර සමුළුව සඳහා සහභාගී වීය.
1988 වසරේදී පිහිටුවන ලද වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය, ක්ෂේත‍්‍රය පුරා බැංකු වෘත්තිකයන් 2,500 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ප‍්‍රමුඛතම වෘත්තීය ආයතනයක් ලෙස කටයුතු කරන අතර, දැනුම වැඩි දියුණු කිරීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ මූල්‍ය අංශයේ නායකත්වය වර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරයි. පසුගිය වසර 35 තුළ, බැංකුකරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව, දැනුම බෙදා ගැනීම සහ වෘත්තීය සංවර්ධනය උදෙසා ඇති වැදගත්ම වැඩසටහනක් බවට පත්ව ඇත. මෙම වසරේ සමුළුව ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර එමඟින් එම සමූළුවේ ඇති ජාතික වැදගත්කම තහවුරු කරයි.
වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය තිරසාර වර්ධනයක් ඇති කිරීම, පුද්ගලයින් සහ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා වන NDB බැංකුවේ මෙහෙවර සමඟ සමපාත වේ. උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස මෙම අවස්ථාවට සම්බන්ධ වීමට අමතරව, NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරීතුමන්, මූල්‍ය කර්මාන්තයේ ප‍්‍රමුඛ ආයතන ප‍්‍රධානීන් සහභාගී වූ පැනල් සාකච්ඡාවකට ද සහභාගී විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දීර්ඝකාලීන වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙහෙයවීමට අවශ්‍ය ප‍්‍රායෝගික උපාය මාර්ග සහ ප‍්‍රතිපත්ති සකස් කිරීම මෙම සාකච්ඡා මණ්ඩපයේ සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාව තිරසාරත්වය සහ වර්ධනය සමතුලිත කරගැනීම සඳහා නවීන ඩිජිටල් බැංකුකරණ විසඳුම් වල සිට අවදානම් කළමනාකරණය දක්වා වූ පුළුල් පරාසයක විහිදී තිබුණි.
මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ පරිවර්තනය කිරීමට දායක වීමට NDB බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරන අතරම, බැංකු ප‍්‍රජාව තුළ කුසලතාවයන් සහ නායකත්ව සංවර්ධනය කිරීම සඳහා බැංකුවේ ඇති කැපවීම නැවත තහවුරු කරයි. වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 35 වන සංවත්සර සමුළුව වැනි වැඩසටහන් සමඟ සම්බන්ධ වීමේ NDB බැංකුවේ අරමුණ වන්නේ කර්මාන්තය පුරා සහයෝගීතාවය වර්ධනය කිරීම, විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සහ බැංකු අංශයට සහ පුළුල් ලෙස ජාතික ආර්ථිකයට ප‍්‍රතිලාභ ලබා දෙන ඉදිරි දැක්මක් සහිත උපාය මාර්ග නිර්මාණය කිරීමයි.NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story