දස වන වාර්ෂික Chairman’s Awards හිදී හේලීස් තම කුසලතා පූර්ණ තරු ඇගයීමට ලක් කරයි

    May, 24, 2023

    ආපදා මධ්‍යයේ ජයග‍්‍රහනයේ උරුමය නොනැසී පවත්වගෙන යාම උදෙසා තම කාර්යය මණ්ඩල සාමාජිකයින් සමරයි

    දශකයක නව්‍යකරණයේ විශිෂ්ඨත්වය සමරමින්, විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප‍්‍රබෝධමත් ජයග‍්‍රහණ අගය කිරීම සඳහා හේලීස් පී එල් සී තම දස වන වාර්ෂික Chairman’s Awards පවත්වයි.

    විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ උච්චතම ඇගයීම් වේදිකාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 25 ක මුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් 205 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි. විදේශ විනිමය මෙරටට උපයාදෙන අගය එකතු කළ අපනයන නව නිපැයුම්, අමු ද්‍රව්‍ය සැපයුම් දාමයන් ගේ සිට රොබෝටික කි‍්‍රයාවළි ස්වයංකී‍්‍රයකරණය දක්වා වූ ඉහළ තලයේ තාක්ෂණික පරිණාමන සහ විවිධ වූ කර්මාන්ත ආශි‍්‍රත අභියෝග සඳහා වූ සුවිශේෂි හා අතිවිශේෂ විසඳුම් යනාදිය මෙම ව්‍යාපෘති වලට ඇතුලත් විය.

    විශිෂ්ටත්වය පිරි සංස්කෘතියක් ගොඩනැංවීම හා විවිධාංගීකරණය වූ සමාගම් සමූහය හරහාම අගය කිරීම පෙරදැරි කරගෙන 2012 දී ඇරඹි හේලීස් Chairman’s Awards අද වන විට අපගේ සංස්ථාපිත සංස්කෘතියේ මහත් බලාපොරොත්තු දල්වාගෙන සිටින මුද්‍රාවයි.

    ”වසර 145ක උරුමයක් ඇති ශී‍්‍ර ලාංකික සංස්ථාවක් ලෙස දැඩි අර්බුදකාරී කාල පරිච්ෙඡ්ද අපට අමුත්තක් නොවේ. වසර කාලාන්තරයක් තිස්සේ අතිවිශාල ආපදාවන් මැඩ පවත්වමින් සාර්ථකව ඉදිරියට යාමට අපගේ වටිනාම වස්තුව වන අපගේ සාමාජිකයින්ගේ දැඩි උනන්දුව සහ ආශාව උපකාරී විය. මෙම වසරේ ජයග‍්‍රාහී ව්‍යාපෘති මගින් පිළිබිඹු කරන ලද්දේ අපගේ හැකියාවන්ගෙන් සපිරි කාර්ය මණ්ඩලයේ ඒකාග‍්‍ර හා නොපසුබස්නා අධ්‍යාත්මික ගුණය මගින් අපගේ විවිධ කොටස්කරුවන් හට අගයක් නිර්මාණය කිරීමටයි” යනුවෙන් හේලීස් සභාපති හා ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පවසයි.

    නව සම්මාන ප‍්‍රභේද සමූහයක් මගින් පාරිසරික, සමාජ හා පාලනය, නවෝතපාදනය, තත්ව හා ප‍්‍රමාණ කළමණාකරනය සහ සේවා විශිෂ්ටතා හි ඉහළ මූලිකත්වයන් අගයන ලදී.

    අපනයන වෙළෙඳපොළ හයක් සඳහා සුවිශේෂී තාක්ෂණික වේදිකාවන් පහක් මත සැලසුම් කළ අත් ආරක්ෂක විසඳුම් දියත් කිරීම වෙනුවෙන් නියාමක සමූහ ජයග‍්‍රාහකයා ලෙස ඩිප්ඞ් ප‍්‍රඩක්ට්ස් පීඑල්සී (ඞී පී එල්* සම්මානයට පාත‍්‍ර විය. ලොව පුරා සේවාදායකයන්ගේ විචක්ෂණ පැසසුම් සමග තරඟකාරී ගෝලීය ප‍්‍රක්ෂේපිත අත් වැසුම් වෙළඳපොළෙහි තම අගයේ මාණයන් හි වෙනසක් ඇති කිරීම උදෙසා ඞී පී එල් ඉහළ විසඳුම් සළසයි. ඉතා කෙටි කලක් තුළදී නිමවන ලද ‘fully integrated robot dipping automation’- ”සම්පූර්ණයෙන්ම තාක්ෂණික රොබෝ ගිල්වීම් ස්වයංකී‍්‍රයකරණය” නම් වූ ධාරණීය කි‍්‍රයාන්විතය උදෙසා නව්‍යකරණ කාණ්ඩයේ සම්මානයකින් කණ්ඩායමේ අභ්‍යන්තර ඉන්ජිනේරු කණ්ඩායම ඇගයීමට ලක් විය.

    ”පරිසර හිතකාමී හරිත සිප් ලයින්” ව්‍යාපෘතිය උදෙසා තත්ව හා ප‍්‍රමාණ කළමනාකරණ කාණ්ඩයේ සම්මානලාභියා ලෙස තලවකැලේ වතු සමාගම (ටී ටී ඊ එල්) පිළිගැනීමට ලක් විය. මෙම නව අදහස කි‍්‍රයාවට නංවන ලද්දේ ඉන්ධන හිඟය හා වැඩි වන මිල ගණන තිබූ අවධියේදී අළුත් තේ දළු කර්මාන්තශාලාව වෙත ප‍්‍රවාහනය කිරීම සඳහාය. මෙම කි‍්‍රයාන්විතය ප‍්‍රවාහන වියදම් ප‍්‍රමාණාත්මකව අඩුවීම කෙරෙහි වූ නැඹුරුවට බලපෑ අතර බිම් මට්ටමේ කණ්ඩායමේ අයට යහපත් ජීවන/ රාජකාරී තුලනයක් ඇති කිරීම කෙරෙහි සහායක් දක්වන ලදි.

    ව්‍යසන සමයේ ”නිවසේ සිට රාජකාරි කිරීම- කී‍්‍රඩා කිරීම- සහ ඉගෙනීම” සඳහා වූ දැඩි පාරිභෝගික ඉල්ලූම සපුරාලීම උදෙසා සමූහයේ ඉදිරියෙන්ම සිටින වෙළඳ නාමය වූ සිංගර් (ශී‍්‍ර ලංකා) පීඑල්සී සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගන්නා ලදී. සිංගර් සාර්ථකව නිවසේ සිට රාජකාරි කිරීමේ ඉල්ලීම සපුරනු ලැබුවා පමණක් නොව ”ද සිංගර් ඊ ස්පෝට්ස් ප‍්‍රීමියර් ලීග්” නම් වූ විශාලතම හා වඩාත් නැරඹුම් වාර සහිත කී‍්‍රඩා තරගාවලිය මගින් ශී‍්‍ර ලාංකීය කී‍්‍රඩා ලෝලීන්ගේ හදවත් ද ඇඳ බැඳ ගන්නට සමත් විය.

    එක් ප‍්‍රදේශයකට පමණක් ආවේණිකව කළුගල රක්ෂිතය අවට පරිසරයෙහි පිහිටි ලගෙනන්ඩ‍්‍රා කළුගලෙන්සිස් නම් වූ ශීඝ‍්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති ශාක වර්ගයක් ප‍්‍රතිස්ථාපනය කිරීම උදෙසා හේලීස් ෆැබ්රික් ඊ එස් ජී සම්මානලාභියා ලෙස හඳුන්වා දෙන ලදී. බීජ ප‍්‍රචාරණය හා පර්යේෂණ කටයුතු මගින් මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ පේරාදෙණිය හා රුහුණු විශ්ව විද්‍යාල සමග ඒකාබද්ධ ප‍්‍රයත්නයක් මගින් මෙම විරළ ජලජ පැළෑටිය වඳවී යාමේ තර්ජනයෙන් ගලවා ගැනීමට සැලසුම් කොට ඇත.

    විනෝදාත්මක අදියර හතරක් යටතේ කාර්යය මණ්ඩල සාමාජිකයින් හට තම සැඟවුන කුසලතා එළි දැක්වීමට අවස්ථාවක එදින රාත‍්‍රියේ උදා විය. සජීවී සංගීත කණ්ඩායමක්, තනි තනිව හා සමූහ ගායනා, මුහුදු අපද්‍රව්‍ය (ප‍්‍රතිචකී‍්‍රයකරණය කරන ලද නයිලෝන්) හා පෙට් බෝතල් යොදා ගනිමින් හේලීස් ෆැබ්රික් මගින් නිම කළ ඇඳුම් මෝස්තර ප‍්‍රදර්ශනයක් එයට ඇතුළත් විය.