January, 30, 2024
2024 වසරේ ජනවාරි 28 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189,574 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය ලෙසින් පසුගිය ජනවාරි 15 වන දා වාර්තා වන අතර, එම සංඛ්‍යාව 8,541 කි.
මෙම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 31,920 ක් ලෙසයි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 28,159ක්, එක්සත් රාජධානියෙන් 15,252 ක්, ජර්මනියෙන් 12,340ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.