දුමින්ද හුලංගමුවට හා මහාචාර්ය අනිල් ජයන්තට ආර්ථික කටයුතු හා මුදල්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු

    October, 1, 2024

    2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්යමණ්ඩලය පත් කිරීමේ ජනාධිපතිවරයා වෙත හිමිවී ඇති බලතල මෙම පත්වීම් සිදුකර ඇති බවත්, මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිවී ඇති බවත් අද (01) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණි.

    දුමින්ද හුලංගමුව මහතා ලංකා වානිජ මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන අතර මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරයෙකි.