දේශපාලනය කරන මහාචාර්යවරු

May, 15, 2019

ශ්‍රී ලංකාවේ දේශපාලනය අරුම පුදුම එකකි. ප්‍රාථමික පාසැල් අධ්‍යාපනයවත් හදාර නැත්තවුන් මැතිඇමතිවරුන් වන රටකි. එතකින් නොනැවතී රටේ දැන උගත් බුද්ධිමතුනට උපදෙස් දෙන තැනකට පත් වී ඇති රටකි.

එමෙන්ම සාමාන්‍ය පුද්ගලයින් ජාතික තලයේ දේශපාලකයින් වන විට ඔවුන් ධන කුවේරයින් වී හමාරය. ඔවුන් ගමන් බිමන් යන්නේ ලොව නවීනතම සුපිරි මෝටර් රථවල ආරක්ෂක රැකවලුන්ද පිරිවරමිනි.

මෙහි දැක්වෙන්නේ කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාමාංශික ව්‍යාපාරයක් වන ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා විපක්ෂ නායක නිල නිවසේ පැවති රැස්වීමක් සඳහා පැමිනි ආකාරයයි.

මෙය මහාචාර්යවරයාගේ සරල දිවිපෙවෙත ලෙසින් කෙනෙකුට අර්ථ දැක්විය හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු පමණක් නොව, වෛද්‍ය වෘත්තිකයෙකු ද වූ මහාචාර්ය තිස්ස විතාරණයන් මෙලෙස දකින්නට ලැබීම අනෙකුත් සාමාන්‍ය දේශපාලඥයින් නම් කිසිවිටෙකත් ආදර්ශයට ගනු ඇතැයි සිතීම උගහටය.