ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට වැඩිපුර වන්දි මුදල් ගෙවීම අද සිට

    April, 12, 2021

    ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම

    ද ෆිනෑන්ස් කම්පනි පී එල් සී ආයතනයේ තැන්පතුකරුවන්/නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම කලින් නියම කොට තිබූ පරිදි ම අද දින ඒනම් 2021.04.12 දින ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

    මේ පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් දුරකථන අංක ඔස්සේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකි යි.

    0112 477 000/0112 477 261/0112 398 788