නාගරික සංවර්ධනයේ ඉඩමක් රු. බිලියනයකට ඇක්සස් ට බදු දෙයි

    September, 21, 2018

    සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 114.56ක ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,117.20ක මුදලකට සීමාසහිත ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත වසර 99ක කාලයක් සඳහා බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.