නැවුම් කිරි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් කිරි සැපයුමක් නැහැ – හැරී ජයවර්ධන

    September, 10, 2020

    තම ගොවිපළවල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදිත කටයුතු සිදුකෙරෙන නමුත් අවාසනාවකට මෙන් පවතින කිරි හිඟය නිසා නැවුම් කිරි (fresh milk) ඉල්ලුම සපුරාලීමට නොහැකි වී තිබෙන බව ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සභාපති, දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා පවසයි. 2019/20 වාර්ෂික වාර්තාව තුළින් සිය සමාගමේ කොටස්කරුවන් වෙත ලංකා මිල්ක් ෆුඩ්ස් සභාපතිවරයා මේ බව කියා සිටී.

    මේ අතර තම සමාගමේ නව ව්‍යාපෘතියක් වන United Dairies Lanka හරහා ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනයක් සිදුකරනු ලබන බවත් ඒ අනුව මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටි ප්‍රමාණය අවම කළ හැකි බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ඒ තුළින් රටේ අනාගත නැවුම් කිරි අවශ්‍යතාව සපුරා, කිරිවලින් ස්වය්පෝෂිත වීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.