නොවැම්බර් 25 පැයක කාලයකට කොටස් ගනුදෙනු අත්හිටුවීමේ තීරණයක්

    November, 23, 2016

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් පෙර විනිශ්චිත බිඳවැටීම් තත්වයක් (Planned Failover) සැලසුම් සහගත ලෙස අත්හදා බැලීමේ අරමුණෙන් 2016, නොවැම්බර් මස 25 වන දින ආපදා ප්‍රතිසාධන පරිශ්‍රයෙහි සිට ස්වයංක්‍රීය ගනුදෙනුකරන පද්ධතිය (ATS, version 7) ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

    මෙම ක්‍රියාවලිය සමස්ත වෙළෙඳපොළ සහභාගීකරුවන්ගේ (Industry stakeholders) දායකත්වයෙන් සිදු කෙරෙන අතර සත්‍ය අපාදා තත්වයකදී කටයුතු කළයුතු අකාරය අත්හදා බැලීමත් ඒ සඳහා වන පෙර සූදානම තක්සේරු කිරීමත් මෙහි අරමුණ වේ.

    මෙහිදී මුල් පරිශ්‍රයෙහි සිට ආපදා ප්‍රතිසාධන පරිශ්‍රය දක්වා වන මූලික සකස්කිරීම් සඳහා 2016, නොවැම්බර් මස 25 වන සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව. 12.30 දක්වා දළ වශයෙන් පැයක කාලසීමාවක් ගනුදෙනු කටයුතු අත්හිටුවීමට සිදුවන අතර මෙම කාලය තුලදී ගනුදෙනු කටයුතු සඳහා වන බාධාව පිළිබඳව දැනුම්වත් වන ලෙස සියලුම වෙළෙඳපොළ සහභාගීකරුවන්ගෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කාරුණිකව ඉල්ලා සිටියි.