ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීමේ හා ව්‍යාපාර සංවර්ධනය සඳහා ආයෝජන අවස්ථා ලබාදීමේ විශේෂ වැඩසටහනක්

    March, 22, 2021

    දිවයිනේ සෑම ප්රදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව කර්මාන්ත ස්ථාපිත කරමින් කර්මාන්ත ව්යාප්තිය සමතුලිත කිරීම හා කර්මාන්ත ක්ෂේත්රයට යොමු වූ ව්යවසායකයන් සදහා උපරිම දිරිගැන්වීම් අවස්ථා ලබාදීම තුළින් කාර්මික සංවර්ධනය ප්රාදේශීය මට්ටම දක්වා ව්යාප්ත කිරීම අරමුණ කරගනිමින් ක්රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනේ සංකල්පීය පත්රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සහ ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අදාළ ආයතන වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (22) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.
    මෙම ව්යාපෘතිය කඩිනමින් ක්රියාත්මක කිරීමේ ඇති අවශ්යතාවය, ව්යාපෘතියේ නිශ්චිත අරමුණ, ආයෝජන අවස්ථා ලබාගැනීමේ ක්රමවේදය, කර්මාන්තකරුවන් වෙත ලබාදිය හැකි බදු සහන ලබාදීම, කර්මාන්ත ආරම්භ කිරීම සදහා අවශ්ය ණය ලබාදීම, කර්මාන්ත ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම සදහා අවශ්ය නෛතිකමය අවබෝධය ලබාදීම, කර්මාන්තය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම සදහා අවශ්ය අතිරේක සහය ලබාදීම සහ ආයතනවල සහය කර්මාන්තකරුවන් වෙත ලබාදීමට කර්මාන්ත අමාත්යංශයට සිදුකල හැකි මැදිහත්වීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ජාවට බදුන්විය. අමාත්යවරු දෙපලගේ අදහස් අනුව නව යෝජනා එකතු කොට මෙම සංකල්පීය පත්රිකාව අමාත්යවරු දෙපල විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්රිකාවක් මගින් බලාත්මක කිරීමට යෝජනා විය.
    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අධ්යක්ෂක වින්දිත පියරතන, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්යංශයේ සහ තරුණ හා ක්රීඩා කටයුතු අමාත්යංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.