August, 13, 2022
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පහත සඳහන් ප්‍රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.
විශේෂයෙන්ම, ආර්ථිකයේ මුදල් සහ මූල්‍ය අංශවල සමස්ත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ෂවකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව වෙතින් අපේක්ෂා කෙරෙන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.
පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සමාරම්භක රැස්වීම 2022 අගෝස්තු 10 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ මහ බැංකු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහ බැංකු පරීශ්‍රයේ්දී පැවැත්විය.
Video Story