පැලවත්ත කිරි සමාගම නව කළමනාකාර පත්වීම් සමග ඔවුන්ගේ ශක්තිමත්භාවය තහවුරු කර ගනී

    May, 16, 2018

    ශ්‍රී ලංකාවේ 100% දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙකු හා බුත්තල නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයෙකු පත් කර ගැනීමෙන් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.

    පැල්වත්ත කිරි සමාගමෙහි නිර්මාතෘ වූ ආරියසීල වික්‍රමනායක ගේ මගපෙන්වීම යටතේ සමාගමෙහි කළමනාකාරීත්වය හොබවන අක්මාල් වික්‍රමනායක, සමාගමෙහි ක්‍රියාකාරිත්වය ඉහළ නංවාලමින් වෙළඳපොල තුල තරඟකාරීත්වයක් ප්‍රතිස්ථාපනය කර ඇත.

    තමන් තරඟ වදින්නේ ඉතා අස්ථායි වෙළඳපොළක් සමග බවත් එම වෙළඳපොල ලාංකීය කිරි වලින් ස්වයංපෝෂිත කිරීම තම පියාගේ දැක්ම බවත් ආයතනයක් වශයෙන් එය සැබෑ කරගත හැකි සිහිනයක් බව ඔවුන් විශ්වාස කරන බව අක්මාල් වික්‍රමනායක පැවසීය. එසේම කිරි ගොවීන්ගේ පවුල් වල ජීවන තත්වය යහපත් කිරීම සඳහා නිරන්තරයෙන් වෙහෙසෙන අතරම 100% ක් ශ්‍රී ලාංකීය නිෂ්පාදන පාරිභෝගියක්යින් වෙත සැපයීම ද සිදු කෙරෙන බව තව දුරටත් ඇදහස් දක්වමින් ඔහු පැවසීය.

    පැලවත්ත කිරි සමාගම විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරු සඳහා දක්‍ෂයින් තෝරාගෙන ඇති අතර කාර්යාලයේ හා කර්මාන්ත ශාලාව තුල හොඳ ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කර ඇත. බුත්තල කර්මාන්තශාලාවෙහි මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස පත් කර ගත ටොශාන් වික්‍රමනායක එවැනි දක්‍ෂයෙකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය උපාධිධාරියෙකු වන අතර ඔහුගේ පැමිණීමත් සමග ආයතනය නව ගමනක් කරා යොමු වනු ඇත.

    සමාගම විසින් ඔවුන්ගේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් කිහිප දෙනෙකු සමග එක්ව එහි ප්‍රතිසම්පාදන ජාලය ව්‍යාප්ත කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවේ කිරි සැපයුම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහල නැංවීමට කිරි ගොවි ජනතාවගේ කිරි ප්‍රවර්ධනය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කර ඇත. මේ සඳහා ආයතනය ඔවුන්ගේ පෝෂණ මෝලක් හරහා පෝෂක ද්‍රවය නිෂ්පාදනය කරනු ලබන අතර මෙහිදී නිෂ්පාදනය වන ඉහල පෝෂක තෘණ නිසා පසුගිය වසර තුල කිරි අස්වැන්න ඉහල ගොස් ඇත. එපමණක් නොව, ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන ගොවිපලක් වූ පැලවත්ත කිරි සමාගම කිරි ගොවීන්ගේ සංවර්ධන සංකල්ප, නවීන ක්‍රම මෙන්ම ගව පාලනය සඳහා සුදුසු ක්‍රමවේදයන්, කිරි අස්වැන්න හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විවිධ සංකල්පයන් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.

    ටොශාන්ගේ මග පෙන්වීම යටතේ බුත්තල කර්මාන්තශාලවෙහි කාර්යමණ්ඩලයේ මෙන්ම තාක්ෂණික අංශ වලද ක්‍රියාවලියේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. දැනට පවතින නිෂ්පාදන වැඩි දියුණු කිරීම මෙන්ම නව නිශාදන සංවර්ධනය කෙරෙහිද සැලකිය යුතු අවධානයක් යොමු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බටර්, කිරි පිටි සහ අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන හඳුන්වාදීම මෙන්ම 2018 ජුනි මාසයේදී අලුතින් නිපදවන ලද රස කල කිරි නිෂ්පාදනයද ඔහුගේ මග පෙන්වීම යටතේ සිදුව ඇත.