පීපල්ස් ලීසිං – සෙනොක් විශේෂිත ලීසිං හවුල්කාරීත්වයක්

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, විශේෂිත ලීසිං පැකේජයක් සඳහා සෙනොක් කොමර්ෂල් වෙහිකල්ස් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

ඉන්දියාවේ Volvo Eicher වාහන සමාගමේ ශී‍්‍ර ලාංකේය බලයලත් බෙදාහරින්නා වන සෙනොක් කොමර්ෂල් වෙහිකල්ස් සමාගම සමග ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුම 2017 දෙසැම්බර් 31 දක්වා කි‍්‍රයාත්මක කෙරේ. පීපල්ස් ලීසිං සමාගම හා සෙනොක් කොමර්ෂල් වෙහිකල් සමාගම අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පී. කුමාරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), ලයනල් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), ලක්සඳ ගුණවර්ධන යන මහත්වරු හා සෙනොක් කොමර්ෂල් වෙහිකල් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූහ.

එම ලීසිං හවුල්කාරත්වය යටතේ සියලූම මාදිලියේ Volvo Eicher වායුසමනය කළ/නොකළ බස්රථ හා ට‍්‍රක්රථ සඳහා නොමිලේ ලියාපදිංචිය, කි.මී. 5,000, 20,000 හා 40,000 දී නොමිලේ පූර්ණ සේවාවන් 3ක් ලබාදීම හා පාසල් දරුවන් ප‍්‍රවාහනයෙහි යෙදෙන වාහන (ලියකියවිලි ඉදිරිපත්කිරීම් අවශ්‍යයි) සඳහා රුපියල් 35,000ක් වටිනා අමතර කොටස් මිලදීගැනීමේ වවුචරයක් පිරි නැමේ. එයට අමතරව සෙනොක් සමාගම සමග ඇතිකරගත් ගිවිසුම යටතේ පීපල්ස් ලීසිං සමාගම විසින් පාරිභෝගිකයාගේ ගෙවීමේ හැකියාව මත වසර 5 දක්වා ලීසිං පහසුකම් සැපයීම හා නොමිලේ ඉන්ධන ටැංකිය පුරවා වාහනය ගනුදෙනුකරුවාහට භාරදීම සිදු කෙරේ.

විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.